ඕමානය “රටක් ” කළ කබුස් බින් සෙයිද් අල් සෙයිද්
1970 වසරේදී, බි්රතාන්යයන්ගේ සහාය සහිතව ලේ වැගිරීමකින් තොරව, ඉතා දැඩි මතධාරියෙක්වූ තම පියාගෙන් බලය ලබාගන්නා විට, ඔහුගේ රටේ තිබුණේ පාසල් තුනක් හා කිලෝමීටර 10ක් පමණවූ මාර්ග පද්ධතියක් පමණකි. එවිට ඔහුගේ වයස අවුරුදු 29 කි. ඒ කාලයේ ඔහුගේ රටේ මිනිසුන්ට ගුවන් විදුලියට සවන්දීම, අව් කණ්නාඩි පැලඳීම, තම විවාහ සහකරුවා තෝරාගැනීම, අධ්‍යාපනය ලැබීම, රටින් පිටවීම වැනි මූලික අයිතිවාසිකම් අහිමිවී තිබූ යුගයක් වී තිබිණ. සිහසුනේ හිඳගත් වහාම ඔහුගේ මූලිකම කර්තව්‍යය වූයේ