IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කාන්තා හිංසනයට එරෙහිව අරගල කර අබිරහස් ලෙස මිය ගිය මාධ්‍යවේදිනිය

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 18

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. චිලි ජාතික ඇල්බර්ටිනා මාටිනස් බර්ගොස්ද එවැනි මාධ්‍යවේදිනියකි.


තිස් අට හැවිරිදි ඇල්බර්ටිනා, චිලි රූපවාහිනී නාළිකාවක් වන “මේඝාවිෂන්” හි ආලෝකකරණ සහායකවරියක් ලෙස කටයුතු කළ නිදහස් මාධ්‍යවේදිනියක් වන අතර ඇය මිය යන්නේ චිලි ජනාධිපති සෙබස්තියන් පිනේරාගේ රජයට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක මාධ්‍ය ආවරණ කටයුතු සිදුකරමින් සිටියදීය. විශේෂයෙන්ම කාන්තා හිංසනයට එරෙහිව කටයුතු කළ උද්ඝෝෂකයන් වෙනුවෙන් සහාය දැක්වූ ඇය, පිනේරා රජයේ මර්දනකාරී ප්‍රතිපත්තිය පිළිකුළෙන් යුතුව හෙළා දුටු මාධ්‍ය ක්‍රියාකාරිනියකි. 


එබැවින් පොලීසියේ මර්දනකාරී ප්‍රතිපත්ති මධ්‍යයේ මිය යන ඇල්බර්ටිනාට මෙතෙක් ඉටු වූ සාධාරණයක් නොමැත. මෙම ඝාතනය සිදුවූයේ ඇගේ මාධ්‍ය කටයුතු හේතුවෙන්ද?, මෙහි අපරාධකරුවන් කවරෙක්ද? යන්න පවා තවමත් නිසි විමර්ශනයකට ලක්වී නොමැත. මේ අනුව පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇල්බර්ටිනාගේ නිවස පිහිටි සැන්ටියාගෝහිදී ඇගේ මළ සිරුර හමුවූ නමුත් ඇගේ කැමරා උපකරණ සහ රූප රාමු අතුරුදහන්ව තිබීම අභිරහසක්ව තිබේ. මේ සම්බන්ධයෙන් කුකුස දනවන අනෙක් කරුණ වන්නේ මීට අදාළ ආරක්ෂක බලධාරීන් පවා තවමත් මාධ්‍ය ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීමයි.  


විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇය උද්ඝෝෂණයේ දී ලබා ගත් ඡායාරූප සහ රූප රාමු යොදා ගනිමින් සිනමාපටයක් නිර්මාණය කිරීමට සැලැසුම් කර තිබූ හෙයින් කැමරා හා රූප රාමු අතුරුදන් වී ඇති බවත්, ඇය පවතින රජයට විරුද්ධව වාර්තාවක් උද්ඝෝෂකයන්ට ලබා දීමට සැලැසුම් කර තිබූ හෙයින් ඇය ඝාතනයට ලක් වූ බවත්ය.


මේ හේතුවෙන් චිලී වාසීන්ගේ වැටුප් විෂමතා, විශ්‍රාම වැටුප්, යටිතල පහසුකම්, ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් සිය කැමරාව හැසිර වූ ඇල්බර්ටිනාට මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නොමැති අතර ඒ වෙනුවට මාධ්‍ය මර්දනය පමණක් චීලි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන බව තවදුරටත් තහවුරු වී තිබේ. ඒ එම වසරේදී ඇයට පෙර මිය ගිය සෙසු මාධ්‍යවේදීන් පස්දෙනාට ද මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නොමැති බැවිනි.


මේ සම්බන්ධයෙන් ක්‍ද්කසඑසදබ ත්‍දර උදපැබ ෂබ න්‍දමරබ්කසිප :ක්‍ත්‍උෂන්‍* සංවිධානය පවා ඇගේ මානව හිමිකම් වෙනුවෙන් ගෝලීය සංවිධානයක් ලෙස පෙනී සිටින බව පැවසුව ද තවමත් ඒ හරහා සාක්ෂාත් කර ගත් ප්‍රතිඵලයක් නොමැත.

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

කාන්තා හිංසනයට එරෙහිව අරගල කර අබිරහස් ලෙස මිය ගිය මාධ්‍යවේදිනිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site