IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රුසියාවේදී ඝාතනය වූ පළමු මාධ්‍යවේදිනිය ඇනා පොලිට්කොව්ස්කේ

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී සිටි 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි.


රුසියාව තුළ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරී මාධ්‍යවේදිනියක වන ඇනා පොලිට්කොව්ස්කේද එවන් සහෘදයෙකි. 21 වැනි සියවසේ වඩාත්ම කතාබහට ලක් වූ රුසියානු ඝාතනය ලෙස සැලකෙන ඇනාගේ ඛේදවාචකය වාර්තා වන්නේ 2006 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදාය. මෙවර සටහන ඇය පිළිබඳවයි.


1982 වසරේදී .ෂ‘ඩැිඑස්. දිනපතා පුවත්පතක ආපදා සහ හදිසි අනතුරු අංශයේ වාර්තාකාරිනියක් සහ සංස්කාරකවරියක් ලෙස සිය වෘත්තිය ජීවිතය අරඹන ඇය, 1994 වසරේදී .ධඉියජය්හ් ඨ්‘ැඒ. පුවත්පතේ උප ප්‍රධාන කර්තෘවරිය බවට පත් වන්නේ සමාජ ගැටලු වෙනුවෙන් ඈ දුන් මාධ්‍ය දායකත්වය හේතුවෙනි. 1999 වසරේදී .භදඩ්හ් ඨ්‘ැඒ. හරහා ඇය ආන්දෝලනාත්මක තීරු ලිපි රචිකාවක් වන්නේ මෙවැනි පසුබිමකයි. 


ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් ලෙස ඈ සිදුකළ මාධ්‍ය මෙහෙවර හේතුවෙන් කිහිපවරක්ම ඇගේ ලිපි කෘති ලෙස ජනතාගත වූ අතර 1999 වසරෙන් අනතුරුව ඇනාගේ පළමු වන සම්මානීය කෘති එයින් විශේෂය. එම නිසාම ඇගේ පුවත්පත් ලිපි ඇසුරින් .් ෘසරඑහ උ්ර. (2001),  .් ීප්කක ක්‍දරබැර දf ්‍යැකක. (2003) ආදී චිත්‍රපටද නිෂ්පාදනය වූ අතර ඇමෙරිකානු පුරවැසි භාවය ලබා ගැනීමට පවා ඇයට සිදුවන්නේ තමාට ආ මරණීය තර්ජන හේතුවෙනි.  


එහෙත් කිසිවිටෙක සිය රුසියානු පුරවැසිභාවය අත් නොහළ ඇනා, දෙවැනි චෙච්නියානු යුද සමයේදී (1999 -2005)  ප්‍රබලව දේශපාලන මැදිහත්වීම්වලට සම්බන්ධ වූ අතර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සිය මාධ්‍ය භාවිතාව ප්‍රබලව සිදු කළාය. එබැවින් ඇය එකල සලකනු ලැබුවේ චෙච්චේන් යුද්ධයේ ජාතික සහ ජාත්‍යන්තර වාර්තාකාරිනිය ලෙසයි. යුද සමයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් දිගින් දිගටම වාර්තා කළ ඇනා, රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගන්නේ මෙවැනි පසුබිමකයි. 


2004 වසරේදී ඇය රචනා කළ .ඡමඑසබ‘ි ඍමිස්. කෘතියද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර ඊට එකල රට පාලනය කළ ව්ලැමිර් පුටින් දැඩි ලෙස විවේචනය කිරීම දැඩි ලෙස හේතු විය. පුටින්ගේ උපන් දිනය දාම ඇගේ ඝාතනය සිදුවීමද සැකසහිත වන්නේ මේ නිසාමය.


රුසියානු රජයේ කිසිදු ඉහළ බලධාරියෙකු නියෝජිතයෙකු නියෝජනය නොකළ එම අවමංගලයෝත්සවයට ප්‍රකට චරිත, විද්‍යාල සහ විශ්විද්‍යාලයීය සමකාලීනයන් මෙන්ම ඇගේ සේවය අගය කළ දහස් ගණන් ජනයා සහභාගි වූ අතර ඈ වළලනු ලැබුවේද ඈගේ මරණයට මොහොතකට පෙර මියගිය ඇගේ පියාගේ දේහය අසල වීම කැපී පෙනේ. 
ඒ අනුව 2014 වසරේදී ඇගේ ඝාතනයට තරමක් දුරට යුක්තිය ඉටු වූ අතර ඝාතනය සම්බන්ධයෙන් පස් දෙනෙකු සිරගත කෙරිණ. ඒ මෙම ඝාතනය සිදුවූයේ කාගේ හෝ විධානයක් මතද, නොඑසේ නම් කොන්ත්‍රාත්තුවක් මතද යන්න තවමත් අභිරහසක් බැවිනි.  

 

 


කෙසේ වෙතත් ඇගේ මරණයට යුක්තිය, සාධාරණය ඉෂ්ට කිරීමට පෙළගැසුණු පාඨකයෝ, 2007 වසරේදීම ඇනාගේ දින පොත සහ අනෙකුත් සටහන් ඇතුළත් .් ඍමිස්බ ෘස්රහ. යන්න කෘතියක් බවට පත් කළ අතර එම වසරේදීම .උසඑය ඨදදා ඍැ්ිදබ. නමින් ඇගේ තීරු ලිපි එකතුවක්ද කෘතියක් ලෙස ජනගත විණ.


එසේම 2008 වසරේදී .්බබ්ල ීැඩැබ ශැ්රි දබ එයැ ත්‍රදබඑකසබැ. නමින් වාර්තා චිත්‍රපටයක්ද නිෂ්පාදනය වූ අතර එම වසරේදීම .ඛැඑඑැර එද ්බබ්. නමින් වාර්තා චිත්‍රපටයක්ද, 2011 වසරේදී .් ඊසඑඑැර ඕිඑැ දf ත්‍රුැාදප. නමින් වාර්තා චිත්‍රපටයක්ද නිෂ්පාදනය වූයේ රාජ්‍ය මර්දනය තුළින් යුක්තියේ කවුළු වසා දැමිය නොහැකි බව හඟවමිනි. ඊට හොඳම නිදසුනක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන .ඍ්උ සබ උ්ඍ. විසින් 2007 වසරේ පටන් ඇගේ නමින් විශේෂ සම්මානයක් හඳුන්වා දීම සටහන් නොකරම බැරිය. එසේම ඉතාලි සඟරාවක් වන .ඛ’සබඑැරබ්එසදබ්කැ. විසින් 2015 වසරේ පටන් ඇනාගේ නමින් ජනමාධ්‍ය සම්මානයක්ද :න්‍දමරබ්කසිප චරස‘ැ ්බබ් ඡදකසඑනදඩින්ව්* හඳුන්වා දීම ඇයගේ මානව හිමිකම් ආයෝජනය මොනවට ඔප්පු කරන්නකි.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රුසියාවේදී ඝාතනය වූ පළමු මාධ්‍යවේදිනිය ඇනා පොලිට්කොව්ස්කේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 600 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17499 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site