IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


යුක්තිය වෙනුවෙන් සටන් කර උණ්ඩයට බිලි වූපත්තරකාරයා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 19

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රිකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය ඇමෙරිකාවේ ජෙරල්ඞ් ෆිෂ්මන්ද එවැනි මාධ්යටවේදියෙකි.


ඇමෙරිකානු ප්‍රකට පුවත්පතක් වන .ක්‍්චසඒක ඨ්‘ැඑඑැ. දිනපතා පුවත්පතේ කර්තෘ, තීරු ලේඛකයෙකු, විචාරකයෙකු වන ජෙරල්ඞ් ෆිෂ්මන්, සිය පුවත්පත හරහා සාපරාධී අපරාධ, ඇමෙරිකානු රජයේ වංචා දූෂණ, පාසල් පද්ධති අර්බුද වෙනුවෙන් ප්‍රබල හඬක් නියෝජනය කළ මාධ්‍යවේදියෙකි. ඔහුට මරු කැඳවන්නේද ජරොඞ් රාමෝස් නමැත්තෙකු විසින් සිය පාසල් මිතුරියකට ෆෙස්බුක් ගිණුම හරහා සිදුකළ බලහත්කාරකමක් සම්බන්ධ අනාවරණයයි.


මේ අනුව 2011 වසරේ පටන් රාමෝස්ගේ මරණ තර්ජනවලට ගොදුරු වූ ෆිෂ්මන්, .ක්‍්චසඒක ඨ්‘ැඑඑැ. පුවත්පත සමග දැඩි එදිරිවාදිකමක් ගොඩනගා ගත් අතර 2012 වසරේදී .ක්‍්චසඒක ඨ්‘ැඑඑැ. පුවත්පතට එරෙහිව නඩුවක්ද ගොනු කළේ අධිකරණයද හෑල්ලු‍වට ලක් කරමිනි. එහෙත් පසුව එම නඩුව ඉවතට විසිවන්නේ පුවත්පත විසින් ගොනුකළ අභියාචනය හේතුවෙනි. 


කෙසේ නමුත් තමා වෙත පවතින ප්‍රබල සම්බන්ධතා හේතුවෙන් දිගින් දිගටම මෙම පුවත්පතට තර්ජනය කළ රාමෝස්, නොබියව තම ට්විටර් ගිණුමටද මෙම නඩුව හා සම්බන්ධ තර්ජනාත්මක අදහස් පළ කළේ නීතිය පවා තඹ දොයිතුවකට මායිම් නොකරමිනි. රාමෝස්ගේ ට්විටර් ගිණුමේ ඡායාරූපයටද රාමෝස්ට එරෙහිව ලිපිය පළ කළ එරික් හාට්ලිගේ අවතාරයක සේයාරූවක් පළ කර තිබීම මීට කදිම සාක්ෂියකි. අවසන තුවක්කුවක් සහ අත් බෝම්බයක් රැගෙන පැමිණි රාමෝස් .ක්‍්චසඒක ඨ්‘ැඑඑැ. පුවත්පත් කාර්යාලයට සිය ඉලක්කය සපුරාගන්නේද මේ හේතුවෙනි.


.ක්‍්චසඒක ඨ්‘ැඑඑැ. කතුවැකිය හරහා ඇමෙරිකානු දේශපාලනය දැඩි ලෙස විවේචනය කළ හැට එක් හැවිරිදි ෆිෂ්මන්, වසර 25කට අධික කාලයක් පුරා මාධ්‍යයකරණයේ නියැලු‍ණු මාධ්‍යවේදියෙකු වන අතර මේ හේතුවෙන්ම විවිධ අවස්ථාවලදී තර්ජනවලට ලක් වූවෙකි. එහෙත් උසාවි මගට පවා පිවිසුණු ෆිෂ්මන්ට එකල අධිකරණ පද්ධතියෙන් ලැබුණු පිළිසරණයක් නොමැත. තිස් අට හැවිරිදි ජරෝඞ් රාමෝස් අතින් ෆිෂ්මන් ඝාතනයට ලක්වන්නේද මේ නිසාවෙනි. පුවත්පත් කර්තෘ සහ තීරු ලිපි රචක රොබ් හියාසෙන්, ක්රීලඩා මාධ්‍යවේදී ජෝන් මැක්නමාරා, ප්‍රාදේශීය වාර්තාකරු වෙන්ඩි වින්ටර්ස් සහ අලෙවි සහායිකා රෙබෙකා ස්මිත්ද 2018 වසරේ ජුනි මස 28 වැනිදා ෆිෂ්මන් සමග ඝාතනයට ලක් වන්නේ මේ හේතුවෙනි. රාමෝස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පෙලඹුණේ එවිටයි.

 

 

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

යුක්තිය වෙනුවෙන් සටන් කර උණ්ඩයට බිලි වූපත්තරකාරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site