IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මර්දනයට එරෙහිව සටන් කර මරණයෙන් වන්දිගෙවූ මෙක්සිකෝවේ මාධ්‍යවේදියා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 08

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී සිටි 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. ආරක්ෂාව මුවාවෙන් පාලන තන්ත්‍රය විසින් ගෙන ගිය ත්‍රස්තවාදයට එරෙහිව තම පෑන මෙහෙය වූ රූබන් පැට් ද එවැන්නෙකි. මෙවර සටහන ඔහු පිළිබඳවයි.


පසුගිය වසරේ මියගිය හයවැනි මෙක්සිකානු මාධ්‍යවේදියා වන පැට්, මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ද සම නිර්මාතෘවරයායි. රාජ්‍ය නිලධාරීන් විසින් සංවිධානාත්මක ලෙස සිදුකරන සාපරාධී අපරාධ සම්බන්ධයෙන් නොබියව ජනතාවට හෙළි කළ මෙම ජනමාධ්‍යවේදියා, පොලිසිය පවා විවේචනය කළේ සිය නිර්භීත බව සලකුණු කරමිනි. අපරාධ, හදිසි අනතුරු සහ මෙක්සිකෝවේ දේශපාලන තත්ත්වය පිළිබඳ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මෙහෙයවුණු(Semanario Playa News mostly)  නම් වෙබ් අඩවිය එරට තැති ගන්වන්නක් බවට පත්වූයේ ද මේ හෙයිනි. මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ පොලිස් අංශයේ ප්‍රධානියෙක් පිළිබඳ ඔහු පළ කිරීමට නියමිතව තිබූ ලිපියක් පවා නතර කිරීමට ඔහුට තර්ජන ගලා ආවේය. එහෙත් ඔහු නොසැලුණි. 


2018 වසරේ ජුලි මස 24 වැනිදා පැට්, හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලදැයි පැවසෙන වෙඩි පහර හයකට උරදෙමින් සොබාදහමට නතුවූයේ ද එහෙයිනි. මසකට ආසන්න කාලයක් ඇතුළත (Semanario Playa News mostly)වෙබ් අඩවියට අදාළව මියගිය දෙවැනි මාධ්‍යවේදියා ලෙස ද ඔහු සැලකේ. ඒ ඊට පෙර ජෝස් ගුවාඩලු_පේ චන් ඞ්සිබ් මෙලෙසින්ම මිය ගිය බැවිනි. 


මෙහි හාස්‍ය උපදවන කරුණ නම් පැට්ගේ ඝාතනයෙන් අනතුරුව හැසිරුණු ක්වින්ටානා රූ ආණ්ඩුකාර කාලෝස් මැනුවෙල් ජෝක්වින් ගොන්සාලේස්ගේ ක්‍රියා කලාපයයි. නොබියව තමන් මීට සම්බන්ධ බවට හැඟෙන ප්‍රකාශයක් තම ෆෙස්බුක් ගිණුමට මුසු කළ මෙම ආණ්ඩුකාරවරයා, ඒ හරහා දන්වා සිටියේ රාජ්‍යයේ පොදු ආරක්ෂාව උදෙසා මෙවැනි මර්දන සිදු කරන බවයි.


කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය හරහා දියුණු වන රටක් වන මෙක්සිකෝව තුළින් පසුගිය වසර ඇතුළත පමණක් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර ක්වින්ටානා රූ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් ද නිර්මාණය විය. ඒ අනුව එහි පළමු මාස හය ඇතුළත පමණක් වාර්තා වූ ඝාතන ශීඝ්‍රතාවය සටහන් වන්නේ 132%ක් ලෙසිනි.  
ඒ අනුව පසුගිය වසරේ පමණක් මෙක්සිකානු මාධ්‍ය ක්‍රියාකාරිකයන් හය දෙනෙක් ඝාතනයට ලක් වී ඇති අතර ඊට එරෙහිව මාධ්‍ය එකමුතුවක් ඇති කළ පැට් ද අවසන් සුසුම් හෙළුවේ ඔවුන්ගේ සිරුරු මතට එක්වෙමිනි. ඔහු පුරෝගාමීව හඬ නැගූ පැමිණිලි පවා බලධාරීන් නොතකා හැරි මොහොතකය.  එකල ඔහුට මේ හේතුවෙන් බන්ධනාගාරගත වීමට පවා සිදුවූ අතර ඊට පොලිසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පැවැති සමීප සබඳතාව ද තදින්ම බලපෑවේය. මීට පෙර මියගිය ජෝස් ගුවාඩලු_පේ චන් ඞ්සිබ්ගේ ඝාතනය ද තවමත් නොවිසඳුණු නඩුවක් බවට පත්ව ඇත්තේ එබැවිනි.


මේ අනුව ක්වින්ටානා රූ ප්‍රදේශයේ පිහිටි එළිමහන් ආපන ශාලාවක දී මිය ගිය පැට්ගේ ඝාතනයට ද තවමත් යුක්තිය ඉටු වී නොමැති අතර ක්වින්ටානා රූ හි නීතිවේදීන් පවසන්නේ තවමත් මේ පිළිබඳ විමර්ශන සිදුවන බවකි. තත්ත්වය එසේ වෙද්දී සිය ප්‍රධානියා නොමැති නමුදු සත්‍යය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටි(Semanario Playa News mostly) වෙබ් අඩවිය ප්‍රකාශ කළේ සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම මාධ්‍ය ඝාතන තුළින් නැවැත්විය නොහැකි බවයි. තම අරගලය දිගින් දිගටම ගෙන යන බවයි.

 

 


මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මර්දනයට එරෙහිව සටන් කර මරණයෙන් වන්දිගෙවූ මෙක්සිකෝවේ මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site