IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ගිනිගත් තෙල් ටැංකියේ අගමැති අබ්දුල් මහ්දි

 

 

කලක් ඔවුහු මැදපෙරදිග සිටිනා බලවන්තයෝ වූහ. ඒ අනූව දශකයේ එහි සිටි ඒකාධිපති පාලකයෙකු නිසාවෙනි. ඊටත් එකල ඔවුන් බලවන්තයින් ලෙස සිටියේ ලොව බලවත් මානව ශිෂ්ටාචාරයක් වූ මෙසපොතේමියා ශිෂ්ටාචාරය ලොවට දායාද කළ හෙයිනි. වත්මන් ඉරාකයේ අගමැති අබ්දුල් මහ්දි වෙනුවෙන් මෙවර පිටුව වෙන් වන්නේය.
බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය ඉරාකයට මායිම් වේ. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගනුවර වන බැග්ඩෑඞ් නුවර පිහිටා ඇත්තේ රටෙහි නැගෙනහිර මැද කොටසෙහිය. 


ඓතිහාසිකව සලකා බැලීමේ දී ඉරාකය හඳුන්වනු ලබන්නේ ‘සභ්‍යත්වයේ සමාරම්භය’ සහ ‘ලේඛනයේ’ හා ‘රෝදයේ’ උපන් බිම යනුවෙන්ය. එවැනි ඉතිහාසගත ඉරාකය මෑත කාලයේදී කලක් ඒකාධිපති පාලක සදාම් හුසේන්ගෙන් බැට කෑවේය. ඊටත් පසුව 2003 ආක්‍රමණයත් සමඟ ඉරාකය, බහුජාතික (ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යය ඇතුළත්) හමුදා සංවිධාන පාලනයෙන් බැට කෑවේ මුස්ලිම් ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ නොනවතින අරගලය නිසාවෙනි. 2004 ජුනි මස ඉරාකයේ පාලනය  අතුරු ආණ්ඩුවකට මාරු කරන ලදී. අනතුරුව ජනමත විචාරණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලද අතර, මැතිවරණයෙන් නව රජයක් තෝරා පත්කර ගන්නා ලදී. 2010 මාර්තු වන විට රට තුළ රැඳී සිටි අනූ දහසකට වැඩි ඇමෙරිකන් භට සංඛ්‍යාව 2001 දෙසැම්බර් 31 වන දින සම්පූර්ණයෙන්ම ඉරාකයෙන් ඉවත් වූයේය.
වර්තමානයේ ඉරාකය බැටකන්නේ විරැකියාව, රජයේ දූෂණ අක්‍රමිකතා සහ පොදු සේවාවන්වල පවතින දුර්වලතා හේතුවෙනි. මේ සියල්ලට චෝදනාවට ලක්ව සිටින්නේ වත්මන් ඉරාක අගමැතිවරයා වන ආදිල් අබ්දුල් මහ්දි අල් මුන්ටාෆිකිය. 


ඉකුත් 2018 ඔක්තෝබර් මාසයේ සිට ධුර කාලය ඇරඹූ අබ්දුල් මහ්දි එරට පරිණත දේශපාලනඥයෙකි. 2005 වසරේ සිට 2011 දක්වා ඉරාකයේ උප ජනාධිපතිවරයාව සිටි ඔහු 2014 සහ 2016 වසරේදී පැවති අන්තර්වාර රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය.


1942 ජනවාරි 01 වැනිදා උපන් අබ්දුල් මහ්දි වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයෙක් වුවද ඔහුගේ පවුල් පසුබිම පැවත එන්නේ ෂියා පූජකවරයෙකුගේ පුත්‍රයෙකු ලෙසිනි. පසුකාලීනව හෙතෙම ද්වතීක අධ්‍යාපනය ද, ඉන් අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා බැග්ඩෑඞ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය. 


1965 දී ඉරාක විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ඉරාක බාත් පක්ෂයේ මුල් ආධාරකරුවෙකු වූ නමුත් පසුකාලීනව ඉන් ඉවත්ව ගියේ දෘෂ්ටිවාදාත්මකව එකඟ නොවීම් හේතුවෙනි.


1969 දී ප්‍රංශයට සංක්‍රමණය වන අබ්දුල් මහ්දි එරට ප්‍රමුඛ පෙළේ සඟරාවක් වන “තින්ක් ටෑන්ක්”හි ප්‍රංශ හා අරාබි භාෂාවෙන් සංස්කරණ කටයුතුවල නිරත වූයේය. එලෙස සේවය කරන අතරතුරේ තවදුරටත් අධ්‍යාපනික කටයුතුවල නිරත වූ ඔහු ආර්ථික විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක්ද හිමිකර ගත්තේය. 


1970 දශකයේදී අබ්දුල් මහ්දි ඉරාක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළේය. නමුත් අසූව දශකයේදී අබ්දුල් මහ්දි ඉරාන ඉස්ලාමීය අදහස් අනුගමනය කළ අතරම අවසානයේදී අයතොල්ලා අල් කොමේනි ඉරානයේ කොමියුනිස්ට්වාදීන් සහ අනෙකුත් ලිබරල් විරුද්ධවාදී කණ්ඩායම් තුරන් කළ විට ඉස්ලාම්වාදීන් සමඟ ඒකාබද්ධ වූයේය.
මෙලෙස විශිෂ්ට ගණයේ දේශපාලන අත්දැකීම්වලින් පිරුණු අබ්දුල් මහ්දි හිටපු උප ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට හිමිවූ විශ්‍රාම වැටුප් අත්හැරීමට තීන්දු කළ විශිෂ්ට ගණයේ දේශපාලනඥයෙකු වූයේය. 

 

 


ඔහුගේ දේශපාලන ගමනේ උත්තරීතර අවස්ථාව වූයේ 2018 වසරේ ඔක්තෝබර් 02 දින ඉරාක ජනාධිපති බර්හැම් සාලිහ් විසින් අබ්දුල් මහ්දි ඉරාකයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා ගනු ලැබීමයි.


ඔහුගේ නායකත්වයෙන් යුත් රජයක් පිහිටු වූ මහ්දිට එරෙහිව ඉකුත් මාස කිහිපයේදී රටපුරා විරුද්ධවාදීන්ගේ උද්ඝෝෂණ පැවැත්වේ. ඒ අතර තුරේ රටේ සංවර්ධන ක්‍රියා අතහැරීමට ඔහු කටයුතු නොකළේය. 


එම අඛණ්ඩ උත්සාහයේ එක් විශිෂ්ට ප්‍රතිඵලයක් වන්නේ ඔහු ජර්මනියේ චාන්සලර්වරිය හමුවීමෙන් පසුව ජර්මන් රජය සමඟ සහයෝගයෙන් ඉරාකයේ විදුලි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ඩොලර් බිලියන 14 ක සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමයි. මේ කාරණා හේතුවෙන් ඔහුගේ ඉදිරි ගමන තීරණය කරනු ඇත්තේ ඉරාක වැසියන්මය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ගිනිගත් තෙල් ටැංකියේ අගමැති අබ්දුල් මහ්දි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site