මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට සමීප චරිතය වන්නේ මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. මැලේසියාව ආසියාවේ කැපී පෙනෙන රාජ්‍යයක් බවට ඔසොවා තැබූයේ මහතීර් මොහොමඩ් ය. ඔහු ස්වකීය රාජ්‍යයේ පැවැති පැරණි නීති වෙනස් කළේ කිසිවකුත් ගැන නොව ජනතාව ගැන සිතාය. රාජ්‍ය අංශයේ සාම්ප්‍රදායික පැවැතුම් වෙනස් කළේ ය. ඒ මූලික වෙනස්කම් සිදු නොවූයේ නම්, මැලේසියා