IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


නාඳුනන තුවක්කුකරුට බිලි වූ සිරියාවේ හේමොද් අල් ජනයිද්

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 25

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගිය සිරියාවේ හේමොද් අල් - ජනයිද්ද එවැනි මාධ්‍යවේදියෙකි. 


''Radio Fresh'' ගුවන්විදුලි ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රයිඩ් ෆාරෙස් සමග ස්වාධීන වාර්තාකරුවෙකු මෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ලෙසද කටයුතු කළ අල්-ජනයිද්, 2013 වසරේ පටන් සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රෙජිමය තදින්ම විවේචනය කළ මාධ්‍යවේදියෙකි. ඒ අනුව දිගින් දිගටම මරණ තර්ජනවලට ලක් වූ ඔහු 2018 වසරේ නොවැම්බර් මස 23 වැනිදා සිරියාවේ කෆ්රාන්බෙල් නගරයේදී මිය යන්නේ එහි පැවැති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට යාමෙනි. 


වර්ණවත් වෑන් රථයකින් පැමිණි ඝාතකයන්, රයිඩ් ෆාරෙස් සහ අල් - ජනයිද් පැමිණි මෝටර් රථය හඹාගොස් ඇත්තේ සිකුරාදා යාඥාව සඳහා ජනතාව කෆ්රාන්බෙල් නගරයට පැමිණෙමින් සිටියදීය.  එම මෝටර් රථයේම පිටුපස ආසනයේ සිටි ඡායාරූප ශිල්පී අලී ඩැන්දෝෂ් පැවසුවේ මෙම ලු‍හුබැඳීම රයිඩ් ෆාරෙස්ගේ නිවසට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටි නිවස ආසන්නයේ සිට ආරම්භ වූ බවයි. පසුව ඔවුන් මෙම මෝටර් රථය ආසන්නයටම පැමිණ ඇත. වෙඩි තැබීම ආරම්භ කර ඇත්තේද ගමනාන්තයට මීටර් දෙකක් තරම් සමීපයේ සිටියදීය. මෙහිදී ඝාතකයන්ගේ උත්සාහය වූයේ රයිඩ් ෆාරෙස් සහ අල් -ජනයිද් මෝටර් රථයෙන් පිටතට ගෙන වෙඩි තැබීමයි.


මේ අනුව ජනතා රැකවරණය නොලද හේමොද් අල් - ජනයිද් මෙන්ම ඔහු සමග වෙඩි කෑ රයිඩ් ෆාරෙස්ද මිය යන්නේ බරපතළ තුවාල ලබා සුළු මොහොතකිනි. 


මේ සම්බන්ධයෙන් ඡායාරූප ශිල්පී අලී ඩැන්දෝෂ් පැවසුවේ තමා පමණක් මෙම සිදුවීමෙන් කිසිදු හානියකට පත් නොවීම හාස්කමක් බවත්, ඝාතකයන් මුහුණු ආවරණය කර නොගත් පුද්ගලයන් බවත්, එහෙත් ඔවුන් නන්නාඳුනන පුද්ගලයන් බවත්ය.

 

වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර් රථය

 

 


ඝාතනයට පෙර දෙමස තුළදීද ''Radio Fresh" ගුවන්විදුලි ආයතනයට දරුණු ලෙස මරණ තර්ජන ගලා ආ අතර ඉස්ලාම් අන්තවාදී ගැටලු‍ මීට මූලික විය. ඒ අනුව අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වන අල් නුස්රා පෙරමුණ (මේ වන විට එය බොහෝ දෙනා හඳුන්වන්නේ හයාත් තහීර් අල්- ෂාම් නමිනි.) මෙම ඝාතනය සඳහා වගකිව යුතු බව ''Radio Fresh" ආයතනය තදින්ම විශ්වාස කරයි. තම ගුවන් විදුලි ආයතනය තුළ සංගීතය වාදනය කිරීම වෙනුවට සතුන්ගේ හඬපට වාදනය කරමින්ද, කාන්තාවන් විසින් ප්‍රවෘත්ති නිවේදනය කිරීම නවතා එම නිවේදන කටයුතු රෝබෝවරු සිදුකරන ආකාරයේ තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරමින්ද ඔවුන් ඝාතකයන්ට විරෝධය පළ කළේ මේ හේතුවෙනි.


එසේම නිසි පරීක්ෂණ පවත්වා හේමොද් අල් - ජනයිද් වෙත සාධාරණය ඉෂ්ට කරන බව එදා පටන් පැවසූ බලධාරීන්ද මෙතෙක් ඔහු වෙනුවෙන් කිසිදු යුක්තියක් ඉටුකර නොමැත්තේ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටි ක්‍රියාකාරී යුද අපරාධ වාර්තාකරුවකුගේ ඉරණම කුමක්දැයි පැහැදිලි කරමිනි. 

 

හේමොද් අල් - ජනයිද් සහ රයිඩ් ෆාරෙස් වෙනුවෙන් පෙනීසිටි ජනතාව.

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

නාඳුනන තුවක්කුකරුට බිලි වූ සිරියාවේ හේමොද් අල් ජනයිද්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site