ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 20

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව මියගිය බ්‍රසීලයේ ජයිරෝ සූසාද එවැනි මාධ්‍යවේදියෙකි.
බ්‍රසීලයේ බ්‍රැගාන්සාහි තමන්ගේම ගුවන්විදුලි නාලිකාවක් වන :ඍ්ාසද ඡැරදක්* හි සේවය කළ සූසා, :ීයදඅ ා් ඡැරදක්* වැඩසටහන හරහා අතිශයින් ජනප්‍රිය වූවෙකි. විශේෂයෙන් බ්‍රසීල රජය විසින් සුරකින මිනීමරුවන්, දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ අනාවරණය කළ මාධ්‍යවේදියෙකු ලෙස සැලැකෙන මොහු, බ්‍රසීල රජය විසින් සිදුකළ මහා පරිමාණ වංචාවක් හෙළිදරව් කිරීමට පෙරමුණ ගත් ක්‍රියාකාරිකයෙකු වූ අතර සූසා මියයාමට මත්තෙන් සිදුකළ අවසන් ආන්දෝලනාත්මක අනාවරණය වූයේද එයයි.
මේ අනුව 2018 වසරේ නොවැම්බර් මස 16 වැනිදා මෙම ඝාතනය සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඒ පනස් දෙනෙකුකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ දැවැන්ත විමර්ශනයෙන් අනතුරුවය. ඊට මෙම වෙඩි තැබීම සිදුකළ ඩියොන් සූසා අල්මේදාද ඇතුළත්ව සිටීම කැපී පෙනේ. මෙම ඝාතනය සැලැසුම් කළ නගර සභා මන්ත්‍රී සීසර් මොන්ටෙයිරෝ අත්අඩංගුවට පත්වන්නේ ඉන් පසුවයි. එනම් නොවැම්බර් 20 වැනිදායි. ඔහු සැලැකෙන්නේ බ්‍රසීල ගවේෂණාත්මක මාධ්‍ය සංසදය විසින් දිගින් දිගටම චෝදනා කළ සැකකරුවෙකු ලෙසයි. කලාර් නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන ජෝස් රොබර්ටෝ කොස්තා ඩි සූසා සමග මෙම ඝාතනය සැලැසුම් කිරීම මොන්ටෙයිරෝට එල්ල වූ ප්‍රධාන චෝදනාවද විය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන රැගෙන යන අයුරු
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එඩුයිර්ඩෝ රෝලෝ නම් විමර්ශන නිලධාරිවරයාගේ නොවැම්බර් 18 වැනිදා පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සහ ජනතාව කුපිත කරවීම සූසාගේ ඝාතනයට හේතුවූ බවයි. එහෙත් සූසාගේ පාසල් මිත්‍රයෙකු පැවසුවේ සූසා නිරන්තරයෙන්ම සිය මාධ්‍ය කටයුතු හේතුවෙන් මරණ තර්ජනවලට සහ පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදියෙකු බවයි. ඒ බව සූසාගේ බිරිඳද තහවුරු කළේ මියයාමට පෙර දිනවලදීද ඔහු පසුපස මරණ තර්ජන හඹා ආ බැවිනි. 2014 වසරේදී ආපන ශාලාවක වාර්තාකරණයේ යෙදීමට උත්සාහ කළ සූසාට එක්තරා පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීම මීට කදිම උදාහරණයකි. මේ හේතුවෙන් ඔහුට පසුගිය වසර දොළහ තුළදී වෙඩි නොවදින මෝටර් රථයක් පවා භාවිතා කිරීමට සිදුවිය. එහෙත් ඔහුගේ ඝාතනය වළක්වා ගැනීමට එම ආරක්ෂාව ප්‍රමාණවත් නොවීය.
ගුවන්විදුලි මාධ්‍යවේදී ජෙෆර්සන් පුරේසා ලෝපේස්ද 2018 වසරේදී මෙලෙසින්ම ගෝලාස්හිදී මියගිය අතර සූසා සැලැකෙන්නේ එසේ මියගිය දෙවැන්නා ලෙසයි. එනම් ලෝපේස් සම්බන්ධයෙන්ද සැකකරුවන් අත්අඩංගුවට ගත්තා මිසක ඔහුට ඉෂ්ට වූ යුක්තියක් නොමැත. මේ අනුව බ්‍රසීලය මේ වන විට සැලැකෙන්නේ ජනමාධ්‍යකරණයේ යෙදීමට අසීරුතම රටවල් අතින් 10 වැනි ස්ථානය දිනාගත් රට ලෙසයි.
මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි
2025 දෙසැම්බර් මස 04
506
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දූෂණ විරෝධී සටනේදි වෙඩි කා මිය ගිය බ්‍රසීලයේ ජයිරෝ සූසා