IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


හොරකම් හෙළි කර ජීවිතයෙන් වන්දි ගෙවූ මෙක්සිකෝවේ රොමෙරෝ

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 21

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය මෙක්සිකෝවේ ෆ්‍රැන්සිස්කෝ රොමෙරෝ ඩියැස්ද එවැනි මාධ්‍යවේදියෙකි.


මෙක්සිකානු රජය විසින් “ප්ලේයා ඩි කාමෙන්” නම් නගරයේ සිදුකළ ප්‍රකට මංකොල්ලයක් හෙළිදරව් කිරීම හේතුවෙන් අවසන් ගමන් යන රොමෙරෝ, මෙක්සිකානු දේශපාලනයද විවේචනය කළ විසිඅට හැවිරිදි වියේ තරුණයෙකි. හදිසි ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් 'Quintana Roo Hoy'. පුවත්පතේ සංස්කාරක අමීර් ඒබ්‍රහම් ලබාදුන් තොරතුරක් හඹා යන රොමෙරෝ, “ප්ලේයා ඩි කාමෙන්” නගරයේදීම සමාජ ශාලාවක් ආසන්නයේදී තුවක්කරුවකුගේ වෙඩි පහරට ලක්වන්නේද සිය මාධ්‍ය යුතුකම ඉෂ්ට කිරීමට ගොසිණි. ඒ 2019 වසරේ මැයි මස 16 වැනිදා පෙරවරු හයට පමණය. 


රොමෙරෝගේ හිසට වෙඩි පහර දෙකක් එල්ල කර ඇති සැකකරු, පසුදාම අත්අඩංගුවට පත්වූ නමුදු සැකකරුගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොවුණු අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළේ “ප්ලේයා ඩි කාමෙන්” නගරයේ පිහිටි සමාජ ශාලාවකදී මැයි මස 14 වැනිදා අදාළ ඝාතනය සැලැසුම් කිරීමට දායක වීම පමණක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති බවකි. 


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කළ විමර්ශන නිලධාරීන් පැවසුවේ මැයි මස 16 වැනිදා උදෑසන සැකකරුට රොමෙරෝ ඝාතනයට ලක් කරන ලෙස දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, රොමෙරෝ එන තුරු සමාජ ශාලාවට වී ඔහු බලා සිටි බවත්, ආරක්ෂක තත්ත්වය දුර්වල වූ සැණින් තුවක්කුකරු වෙඩි ප්‍රහාරය එල්ල කර  පිටව ගොස් ඇති බවත්ය. 


2018 වසරේ මැද භාගයේ සිට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින වැඩසටහනක් සඳහාද සම්බන්ධ වී සිටි රොමෙරෝ, මාධ්‍ය නිදහස වෙනුවෙන්ද අරගල කළ සටන්කාමියෙකි. මේ හේතුවෙන්ම තමන්ට එරෙහිව නැගුණු මරණ තර්ජන වෙනුවෙන් රජයෙන් පවා ආරක්ෂාව සපයා ගැනීමට ඔහුට සිදුවූයේ ඝාතනයට ලක්වූ "Semanario
Playa News" kï නම් ෆෙස්බුක් පිටුවේ මාධ්‍ය සහෘදයන් වෙනුවෙන් සිය හඬ නැගීම හේතුවෙනි. අධිකරණය රොමෙරෝගේ මරණය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු බවට පත්වන්නේ මේ හෙයිනි. ඒ තමන්ට නැගුණු මරණ තර්ජන ඉදිරියේ නොසැලී ඔහු දිගින් දිගටම සිය වාර්තාකරණයේ යෙදුණු ඔහු, මෙම මරණ තර්ජනවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු දිගින් දිගටම අධිකරණ පද්ධතියට ලබාදී තිබූ අතර "Quinta Fuerza" නමින් තමන්ගේම වෙබ් අඩවියක්ද, "Ocurrió Aquí" නමින් ෆෙස්බුක් පිටුවක්ද මෙහෙයවූයේ රජය විසින් ගෙන ගිය මහා පරිමාණ වංචාවක් පිළිබඳ සටහන් සහ වීඩියෝ දිගින් දිගටම පළ කරමිනි.

 

වෙඩි තබන අයුරු

 

2018 වසරේ අග භාගයේ සිට රූබන් පැට්ගේ"Semanario Playa News" නම් ෆෙස්බුක් පිටුවේ සංස්කාරකවරයා ලෙසද කටයුතු කළ රොමෙරෝ, “ප්ලේයා ඩි කාමෙන්” නගරයේදීම මිය ගිය තෙවැනි ජනමාධ්‍යවේදියායි. ඒ පැට්ගේ ඝාතනයෙන් දින පහකට පසු ජෝස් ගුවාඩලුචාන්ද මෙම නගරයේදී මිය ගිය බැවිනි. 


කෙසේ වෙතත් මොවුන් තිදෙනාම සම්බන්ධයෙන් තවමත් නිසි විමර්ශන සිදුවී නොමැති අතර මෙතෙක් ඔවුන්ට ඉෂ්ට වූ සාධාරණයක්ද නොමැත. මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනයට හේතුව කුමක්දැයි පැවසීමට හෝ සෙසු සැකකරුවන් කවුරුන්දැයි අනාවරණය කර ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරු මෙතෙක් හෙළිදරව් වී නොමැති බවකි.

 


මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

හොරකම් හෙළි කර ජීවිතයෙන් වන්දි ගෙවූ මෙක්සිකෝවේ රොමෙරෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site