IMG-LOGO

වහල යට ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන ජයගත් රොස්මරි ඈන් බැටී

ඉරණමට එරෙහිව අරගල කළ ගැහැණු

කාන්තා දින කොතරම් පසුවුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙන අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රටක් නොව ලොවක් පවා වෙනස් කළ සටන්කාමී කාන්තාවන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අප සිතුවේ එබැවිනි. මේ එහි දෙවැන්නයි 
ඔස්ට්‍රේලියාවේ පවතින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් වැදුණු රොස්මරි ඈන් බැටීල ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ලෙස හැඳින්වුවද ඇය බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයෙකි. කුඩා කාලයේ පටන්ම අරගලකාරී ජීවිතයකට පණ පෙවීමට සිදුවූ රෝසිට වයස අවුරුදු හයක් වන විට සිය මව අහිමි වූ අතර ඇයට හැදී වැඩෙන්නට සිදුවූයේ ඇගේ මිත්තණිය සහ කිරි මව්වරුන් සමගය. අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඇයද  කිරි මවක ලෙස කටයුතු කළේ එබැවිනි. ඒ අනුව ඇය මුහුණදෙන බරපතළම අරගලයට පදනම සැකැසෙන්නේ 1988 වසරේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමත් සමගිනි.


1992 වසරේදී තමන් සේවය කළ ආයතනයෙන්දීම තම අනාගත සහකරුවා වූ ඇන්ඩර්සන් සොයා ගන්නා ඇයට ඔහු සමගින් සබඳතා පවත්වන්නට සිදුවූයේ ආදරවන්තයෙකු ලෙස නොව ලිංගික ප්‍රචණ්ඩකාරියෙකුට එරෙහිව සටන් වදින්නියක සේය. එනම් ඔහු දිගින් දිගටම නිශ්චය කර ගත නොහැකි දරුණු මානසික රෝගයකින් පෙළෙන්නට වූ බැවිනි. මේ බව හෙළිදරව් වූයේ 2014 වසරේදීය. ඇය ඔහුගෙන් වෙන්වන්නේ ද ඔහු මීට පෙර රෝසිගේ මිතුරියක දූෂණය කිරීමට උත්සාහ දැරූ බවට ආරංචි වූ හෙයිනි. 


එහෙත් වසර අටකට පසුව නැවතත් එක් වූ ඇයට සිදුවූයේ ඇන්ඩර්සන් හේතුවෙන් ගැබ් ගැනීමටයි. ඒ 2001 වසරේදීයි. ඇය ඒ පිළිබඳ පැවසුවේ තමා මවක වූයේ අත්වැරැද්දකින් බවත්, ඇන්ඩර්සන් හේතුවෙන් මවක වීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොවූ බවත්ය. දෛවය කොතරම් සරදම් කළේද යත් දරුවාගේ උපතත් සමග රෝසිට කායිකව සහ මානසිකව හිංසනයට ලක්වීමට සිදුවූ අතර වසර දහයක් පුරා ගත් ජීවිත අවදානම ඇයව නඩු මාර්ගයට පෙළඹුවේ මෙම වධ හිංසා තවදුරටත් දරාගත නොහැකි වූ බැවිනි. දිනපතාම ඇයට සැමියාගේ අඩන්තේට්ටම්වලට සහ මරණ තර්ජනවලට ගොදුරු වීමට සිදුවූ බැවිනි.


2013 වසරේදී ඇන්ඩර්සන් විසින් තම එකම පුත්‍රයාට ඇනීම සඳහා පිහියක් යොදා ගැනීමට උත්සාහ කරන්නේ මෙවැනි පසුබිමකයි. ඇන්ඩර්සන් සමග තවදුරටත් ජීවත් නොවීමට රෝසි තීරණය කරන්නේද මේ මොහොතේයි.  ඒ වෙනුවෙන් ඇය උසාවි නියෝගයක් පවා ලබා ගත්තාය. එහෙත් පුතුගේ මරණය නවත්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවිණ. 2014 වසරේ පෙබරවාරි මස 12 වැනි දින තමන්ගේ එකම පුතු වන ලුක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදීම ඇන්ඩර්සන් ඝාතනයට ලක් කළ අතර පසුව ඇන්ඩර්සන්ටද මරණය උරුම වූයේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරට ලක් වූ බැවිනි. තමාට වූ ව්‍යසනය සෙසු කාන්තා ප්‍රජාවට සිදුවීම වළක්වාලමින් ඇගේ සටන ආරම්භ වූයේ මෙතැන් පටන්ය.


තමා ලද අත්දැකීම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළ ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ඔස්ට්‍රේලියානු නියෝජනය බවට පත් වූ අතර ඔස්ට්‍රේලියානු සමාජ ක්‍රමයද ප්‍රශ්න කළේ පොලීසිය, නීති පද්ධතිය ආදිය තුළ පවතින සැබෑ යථාර්ථය අනාවරණය කරමිනි. 2014 වසරේදී ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කාන්තාවන්ට සහ දරුවන්ට උපකාර කරනු වස් ලුක් බැටී පදනම ආරම්භ කළේද මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසායි. 


ඉන් නොනැවතුණු ඇය 2015 වසරේදී අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හමුවන අතර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති ’‘ස්ත්‍රී දූෂණ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නීති’’ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළේ අනාගත කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි. 2016 වසරේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සාකච්ඡා මේසයට ද මෙම ගැටලුව පැමිණෙන්නේ ඇගේ මෙම අප්‍රතිහත ධෛර්යයෙනි. මාස 13ක විමර්ශනයකින් අනතුරුව නිර්දේශ 227ක් ඇතුළත් වෙළුම් හයකින් සමන්විත වාර්තාවක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වන්නේද, දීර්ඝ කාලීනව බල පැවැත්වෙන පරිදි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ පනතක් පවා නීතිගත වන්නේද මේ හේතුවෙනි.  

 

ලුක් ඝාතනයට ලක්වූ ස්ථානය

 


මේ අනුව 2014 වසරේදී ‘‘Pride of Australia's National Courage Medal' යන පදක්කමද 2015 වසරේදී 'Australian of the year' සම්මානයද දිනා ගත් රෝසි, ඔස්ට්‍රේලියානු රජයේ ගෞරවයට පාත්‍ර වූ අතර පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියානු රජය විසින් පිරිනමන 'Officer of the Order of Australia' ගෞරවයෙන් පවා පිදුම් ලැබුවේ තමන් විසින් ලබා දුන් නොනවතින දායකත්වය වෙනුවෙනි. 


'සන්ෂයින් කෝස්ට්' විශ්වවිද්‍යාලය විසින් රෝසි වෙත ගෞරව ආචාර්ය උපාධියක් පවා මේ වෙනුවෙන් පිරිනැමූ අතර 'ෆෝචූන්' සඟරාව විසින් නම් කළ 2016 වසරේ බිහිවූ ලොව අතිවිශිෂ්ට කාන්තාවන් අතර 33 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඇය සමත් වූවාය. තමා විඳි අමිහිරි අත්දැකීම් ඇතුළත් 'A Mother' s Story' කෘතිය රචනා කිරීමට ද රෝසි අමතක නොකළාය.

 

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

වහල යට ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන ජයගත් රොස්මරි ඈන් බැටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 470 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 294 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site