IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ෆින්ලන්තයේ සුක්කානම අතට ගත් සුරූපී ලලනාවිය සන්නා මරීන්

“තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ” යන්න මෑතකදී සනාථ කළ කාන්තාව වන්නේ ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරියයි. තිස් හතර හැවිරිදි සන්නා මරීන් වන ඇය තේරී පත්වූයේ ලෝකයේ සාමකාමී රාජ්‍යය වෙනුවෙනි. ඇයගේ මෙම නව ධුරයත් සමඟම ලොව අගමැති ධුරයක් හොබවන ලොව ළාබාලතම පුද්ගලයා බවට ද ඇය පත්වන්නීය. අද දියත වෙන් වන්නේ සන්නා මරීන් නමැති සුරූපී අගමැතිනිය වෙනුවෙනි.


ෆින්ලන්තය උතුරු යුරෝපයේ පිහිටි නෝර්වැඩික් රටකි. ෆින්ලන්තය බටහිරින් ස්වීඩනයටද, උතුරින් නෝර්වේ රාජ්‍යයටද, නැගෙනහිරින් රුසියාවටද, දකුණින් එස්තෝනියාවටද මායිම් වේ. අගනුවර වන්නේ හෙල්සින්කිය. ජනගහනය මිලියන 5.4ක් වන අතර යුරෝපයේ වර්ගඵලයෙන් අට වැනි විශාලම රටයි. එහි භාෂාව වන්නේ ෆිනිෂ් ය. දෙවන නිල භාෂාව වන්නේ ස්වීඩන්ය. තවත් උපභාෂා 342ක් ඇත. මිලියනයක් පමණ ජනතාව හෙල්සින්කිවල ජීවත් වෙති. අනෙක් ප්‍රධාන නගර වන්නේ ටෙමිපේ, ටර්කු, ඕලු, ජ්වැස්ක්ලා කූපියෝ සහ ලාමි වේ. 1955 යුරෝපානු සංගමය හා යුරෝසෝන් සංගමය ආරම්භයේ සිට සාමාජිකත්වය දරයි. මෙහි කාර්මීකරණය මෑතක සිදුවූවකි. 1950 තෙක් කෘෂිකර්මය පැවතුණි. ඉන්පසු ආර්ථිකය වර්ධනය වූ අතර 1970 සිට 1990 කාලයේ සුබසාධන රාජ්‍යයක් විය. සාර්ථක රජයන් විසින් මෙහි ආර්ථික පද්ධතිය පුද්ගලීකරණය සහ ආදායම් කැපීම සිදුකරන ලදී.


ෆින්ලන්තයේ තැපැල් වැඩවර්ජනයක් හේතුවෙන්, පැවතියාවූ  සභාග ආණ්ඩුවේ සාමාජිකයන්ගේ විශ්වාසය ගිලිහීයාම නිසා හිටපු අගමැති අන්ටි රින් සිය ධුරයෙන් ඉකුත්දා ඉල්ලා අස් විය. ඉන් අනතුරුව නව අග්‍රමාත්‍ය ධුරය සඳහා සන්නා මරීන්ගේ නම, ඇය නියෝජනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් යෝජනා කරනු ලැබීය. තිස් හතර හැවිරිදි සන්නා මරීන් ඉදිරි දිනකදී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය  ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.


කාන්තාවන් ප්‍රධානත්වය දරන වාමාංශික පක්ෂ 5ක එකතුවෙන් නව රජය පිහිටුවනු ලැබූ අතර එම දේශපාලන කතුන් අතරින් තිදෙනෙකුම වයස අවුරුදු 35ට අඩු අය වීමද සන්නා මරීන්ගේ සභාග ආණ්ඩුවේ ඇති විශේෂත්වයයි.


මේ සමඟ ලොව අග්‍රාමාත්‍ය ධුරය හොබවන ළාබාලතම පුද්ගලයා බවටත් සන්නා මරීන් පත් වූවාය. යුක්රේන අගමැතිවරයා වන තිස්පස් හැවිරිදි ඔලෙක්සි හොන්චරුක් සහ නවසීලන්ත අගමැතිනිය වන තිස්නව හැවිරිදි ජසින්ඩා ආර්ඬේන් ඇයට පසුව පිළිවෙළින් ලොව සෙසු ළාබාලතම අගමැතිවරුන් වේ.


අන්ටි රින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ෆින්ලන්තයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගමනාගමන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සන්නා මරීන් මීළඟ අගමැතිනිය ලෙස තෝරා ගැනීම හැර වෙන විකල්පයක් නොවිණි.


පක්ෂ හතරක එකමුතුවෙන් සුසැදී මේ සන්ධාන ආණ්ඩුවට ඇය නායකත්වය ලබාදීමට භාර වුවද, රටක් මෙහෙයවීමේ බලාපොරොත්තුවෙන් සිටියද ඇයගේ ජීවිතය රෝසමල් යහනාවක් නම් නොවීය. සිය මව සහ ඇයගේ සහකාරිය සමඟ කුලී නිවසක දිවි ගෙවූ සන්නා හැදී වැඩුණේ “දේදුනු පවුලක” (සමරිසි) යැයි ෆින්ලන්ත මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි. 


සිය පවුලේ පසුබිම ගැන ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි වූ නිසා කුඩා කල ඇයට තමන් “අදෘශ්‍යමාන” පුද්ගලයෙක් ලෙස හැඟුණු බව 2015 දී ඇය එරට පළවන ඵැබ්සිැඑ වෙබ් අඩවියට වරෙක සඳහන් කළාය. නමුත්, මව තමන්ට නිතර උපකාර කළ අතර, අවශ්‍ය ඕනෑම ක්‍රියාවක් කිරීම සඳහා ඇය තුළ විශ්වාසය ගොඩනගමින් දිරිමත් කළ බව ද පැවසීමට සන්නා අමතක නොකළාය.


සිය පවුලේ අය අතරින් විශ්වවිද්‍යාල වරම් ලැබූ පළමුවැන්නා සන්නා ය. වයස අවුරුදු 27 දී තම්පරේ නගරයේ පරිපාලනයට නායකත්වය දුන් ඇය ඉතා ඉක්මනින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පත් වූ අතර, 2015 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූවාය. පසුගිය ජුනි මස සිට ගමනාගමන සහ සන්නිවේදන අමාත්‍යවරිය ලෙස ක්‍රියා කළ ඇය මාස 22ක් වයසැති දියණියකගේ මවක්ද වන්නීය. 


සන්ධාන ආණ්ඩුව පාලනය බාර ගැනීමත් සමඟ විවිධ වැඩසටහන් සඳහා ගිවිසුම්වලට එළැඹී ඇති හෙයින් නව අගමැතිනියගේ පාලනය යටතේ ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අවමය. නමුත් මෙතෙක් පැවති ක්‍රියාවලියේ වෙනසක් සිදුවිය යුතු බව ඉතා සුළු බහුතරයකින් අග්‍රාමාත්‍ය ධුරය ජයග්‍රහණය කරමින් සන්නා ප්‍රකාශ කළාය. ‘විශ්වාසය ගොඩනැගීම සඳහා අපිට බොහෝ වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා’ යැයිද නව ෆින්ලන්ත අග්‍රමාත්‍යවරිය සඳහන් කළාය. 


“වයස හෝ ලිංගිකත්වය ගැන මම කිසි දිනක සිතලා නැහැ. මම හිතන්නේ දේශපාලනයට එන්න හේතු ගැන සහ අපි ඡන්දදායකයන්ගේ විශ්වාසය දිනාගත් හේතු ගැනයි” වයස පිළිබඳ ඇයගෙන් ඇසූ ප්‍රශ්නයකට එසේ පිළිතුරු දෙමින් සඳහන් කළාය.


දිව්රුම් දීමෙන් පසු සන්නා ෆින්ලන්තයේ අගමැති පදවිය හොබවන තෙවෙනි කාන්තාව බවට පත් වේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් අප්‍රේල් මාසයේ පැවති ඡන්දයේ විශාලතම පක්ෂය ලෙස මතු වූ අතර, සන්ධාන ආණ්ඩුව පාලනය කිරීම සඳහා අගමැති තෝරා පත් කර ගැනීමේ බලය ඔවුන් සතු වේ. 


වැඩවර්ජනයකට සම්බන්ධ වූ සිය ගණනක් තැපැල් සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සැලසුම් කිරීම ඇන්ටි රින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු විය. තැපැල් සේවක සිද්ධියත් සමඟ ඔහු ගැන විශ්වාසය පළුදු වූ බව මධ්‍යම පක්ෂයේ සන්ධාන සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ෆින්ලන්තයේ සුක්කානම අතට ගත් සුරූපී ලලනාවිය සන්නා මරීන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site