IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මාධ්‍යවේදිනියක මරා දැමූ වරදට අගමැති ධුරය අහිමි කරගත් මෝල්ටාවේ ජෝශප් මුස්කැට්

ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසිදුභාවය ගැන ලෝකයා හට නිරතුරුව තොරතුරු සපයන්නේ ජනමාධ්‍යවේදීන් බව නොරහසකි. ජනමාධ්‍යවේදය ලොව හඳුන්වන්නේ සිව්වැනි ආණ්ඩුව ලෙසය. ජනතාව විසින් පත් කරනු ලබන ආණ්ඩු ද මට්ටු කිරීමේ හැකියාව පවතින්නේ මේ සිව්වැනි ආණ්ඩුවට බව ලෝක සම්මතය වී ඇත. මේ කාරණයට ඉකුත්දා කදිම උදාහරණයක් ලබා දුන්නේ යුරෝපා රාජ්‍යයක් වන මෝල්ටා රාජ්‍යයයි. ඒ මෝල්ටා අගමැති ජෝසෆ් මුස්කැට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දුව ලබා දීමට හේතු වූයේ ජනමාධ්‍යවේදයයි. එරට ගවේශනාත්මක මාධ්‍යවේදිනියකගේ ඝාතනය හේතුවෙන් මෝල්ටා අගමැතිවරයා ප්‍රමුඛ රජය මහජන අප්‍රසාදයට ලක්වුණි. අද දියත වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.


මෝල්ටාව යනු, ඉතාලියට අයත් සිසිලියට කිලෝමීටර් 80ක දුරින් දකුණින් ද ටියුනීසියාවට කිලෝමීටර් 284 දුරින් නැගෙනහිරින් ද සහ ලිබියාවට කිලෝමීටර් 333කට දුරින් උතුරින් ද මධ්‍යධරණී මුහුදේ පිහිටි දකුණු යුරෝපියානු රටකි. යන්තම් වර්ග කිලෝමීටර් 316ක භූමි ප්‍රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ වඩාත් ජනගහණ ඝනත්වය සහිත රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර වැලෙටා වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි. මෝල්ටීසියානු සහ ඉංග්‍රීසි. 


ඉතිහාසය පුරාම මෝල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්ථා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඞ්ස් :ත්‍්එසපසාි* සිසිලියන්වරු, ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බි්‍රතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙළින් ලබා දී තිබිණි.

මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැඳී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ 2004 වසරේ දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන්  ගිවිසුමෙහි පාර්ශවකරුවෙකු ද 2008 සිට යුරෝසෝන්හි සාමාජිකයකු ද වන්නේ ය. 


මෝල්ටා රාජ්‍යයට දීර්ඝ කාලීන ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේය. ‘අපෝස්තල්’ පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව ‘මෙලිටේ’ හිදී මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස ‘මෙලිටේ’ හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු ‘මෙලිටේ’ යනුවෙන් දක්වන්නේ මෝල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මෝල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. 


මෝල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුම හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනෙන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈඳුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මෝල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය. මීට අමතරව එරට මෑත කාලීනව ප්‍රසිද්ධියට පත්වූ ආසන්තම සිද්ධිය වන්නේ වර්තමනා එරට අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වීමත් සමඟය.

 

 


මහජන විරෝධතා හේතුවෙන් මෝල්ටා අගමැති ජෝශප් මස්කට් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කරනු ලැබුවේ ගෙවී ගිය සතියේදීය. ඒ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින්ය. එරට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන ඩැෆ්නි කරුවානා ගලීසියා ඝාතනය සම්බන්ධයෙන් පැවති විමර්ශනය මෝල්ටා අගමැති වත්මන් රජය අර්බුදයට ලක්වීමට බලපෑ ප්‍රධානම හේතුවයි.


2017 දී ගලීසියා කාර් බෝම්බයකින් මිය යන විට ආරම්භ වූ මෙම නඩුව සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමට අගමැති ජෝශප් මුස්කැට් දැඩි පීඩනයකට ලක්ව සිටියේය. මේ මාධ්‍යවේදිනිය ඝාතන සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් ඇති බවත්, එම සම්බන්ධය නිසා තමන් ධුරයෙන් ඉවත් වන බව මෝල්ටා අගමැතිවරයා කිසිවක් පවසා නැත. නමුත් හරි දේ තමන් කරනවා” යැයි ඔහු පවසා ඇත.


මාධ්‍යවේදිනිය ඝාතනය සම්බන්ධයෙන් පැවති විමර්ශනය ඉකුත් සෙනසුරාදා එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට හේතු වූ අතර ඔහු රජයේ අමාත්‍යවරු සහ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සබඳතා පවතින අයෙකු වීම හේතුවෙන් අගමැති ජෝසෆ් මුස්කැට් එරෙහිව පීඩනය තවත් උත්සන්න වුණි.
දිගින් දිගටම එල්ල වූ මහජන විරෝධය හමුවේ අගමැති ජෝසප් මුස්කැට් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට නිවේදනය කර සිටියේය. මේ අනුව රටේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ කටයුතු ලබන වසරේ ජනවාරි 12 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 


මෝල්ටා අගමැතිවරයා එරට අගමැති ධුරය හොබවන්නේ 2013 වසරේ සිටය. ඔහුගේ නායකත්වයෙන් යුතු එරට කම්කරු පක්ෂය බලයේ රැඳී සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ද සහිතවය. 1974 වසරේ ජනවාරි 22 වැනිදා උපන් ඔහු මෝල්ටා අගමැති ධුරයේ කටයුතු කරන්නේ දෙවැනි වරටය. උපතින් ව්‍යාපාරික නැඹුරුවක් ඇති පවුලක උපන් ඔහු වෘත්තීය වශයෙන් දේශපාලනයට පිවිසියේ 2008 වසරේදීය. ප්‍රගතිශීලී හා ලිබරල් දේශපාලන නැඹුරක් ඇති ඔහු ආර්ථික වශයෙන් ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙකු ද වේ. මුස්කැට් බලයට පත්වීමට පෙර බලයේ සිටි ගොන්සි අග්‍රාමාත්‍යයාගේ පරිපාලනයට එපා කී මෝල්ටා ජනතාව ඔහුව තෝරා ගනු ලැබුනේ එරට සේක්‍ය සේවා සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීම හඳුන්වා දීමත් සමඟ සුබසාධනය සඳහා විශාල පරිමාණයේ වෙනස්කම් ඇති කිරීමට හේතු විය. තවද ඔහු විසින් එරට තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම ඔහු ප්‍රථම ජයග්‍රහණයට හේතුපාදක වූයේය.


නමුත් සිය දෙවැනි ධුර කාලයේ දී වූ පොරොන්දු සියල්ල කප්පාදු කරමින්, එරට කම්කරු පක්ෂයේ සාමාජිකයින් දරුණු ලෙස මර්දනය කිරීම ආදී හේතුන් මත මෙවැනි දුර්දාන්තයකට ඇද වැටුණි.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මාධ්‍යවේදිනියක මරා දැමූ වරදට අගමැති ධුරය අහිමි කරගත් මෝල්ටාවේ ජෝශප් මුස්කැට්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site