IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රෝද පුටුවේ සිට රට කරවන ලොව එකම රාජ්‍ය නායකයා ලෙනන් මොරෙනෝ

 

 

නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය දකුණු ඇමෙරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. සොබාදහමේ ජෛව විවිධත්වයට අදාළ නීති පද්ධතිය පිළිගත් ලෝකයේ එකම රට ඉක්වදෝරයයි. මේ අරුම පුදුම රාජ්‍යයේ නායකයා වන්නේ ලෙනන් මොරෙනෝ ය. ඔහුගේ විශේෂත්වය වන්නේ රෝද පුටුවක සිට සිය රාජ්‍යය මෙහෙයවන ලොව එකම රාජ්‍ය නායකයා වීමයි. අද දියත වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.


උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යයට, බටහිරට ශාන්තිකර සාගරයට මායිම්ව පවතින ඉක්වදෝරය දකුණු ඇමරිකාව තුළ චිලී රාජ්‍යය ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රට ද වේ. ඉක්වදෝර් පිහිටි මුළු බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370කි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ඓතිහාසික කේන්ද්‍රයක් වන න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම්කර ඇත. 


ඉක්වදෝරය එහි ප්‍රමාණය හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සොබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාළ නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් ලෝකයේ එකම රට ඉක්වදෝරයයි. එවැනි රටක් තවදුරටත් සංවර්ධනය කිරීමේ වගකීම බාරගන්නා ලෙනන් මොරෙනෝ එරට ජනාධිපති ධුරයට තේරී පත් වන්නේ 2017 වසරේ මැයි 24 වැනිදාය. එලෙස ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔහු 2007 වසරේ සිට 2013 දක්වා කාලය තුළ එරට උප ජනාධිපති ධුරය හෙබ වීය.


1953 වසරේ මාර්තු 19 වැනිදා උපන් ලෙනන් මොරෙනෝ උපත ලබා ඇත්තේ ඉක්වදෝරයේ ඇමේසන් - පේරු දේශ සීමාව අසල පිහිටි කුඩා නගරයක් වන නියුවෝ රොකාෆුවර්ට් හි මධ්‍යම පාන්තික පවුලකය. ඔහුගේ පියා වන ටියුලියෝ මොරෙනෝ එරට ආදි වාසී දරුවන් වෙනුවෙන් ද්විභාෂා අධ්‍යාපනය ඉගැන්වීම්වල නිරත ගුරුවරයෙකු විය. මොරෙනෝ සිය ද්විතීය අධ්‍යාපනය ලබා ගත්තේ සෙබස්තියන් බෙනල්කසාර් ජාතික පාසලෙනි. ඉන්පසුව එරට මධ්‍යම විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධියක් ලබාගත් හෙතෙම පසුකාලීනව මනෝ විද්‍යාව පිළිබඳව ද උසස් අධ්‍යාපනයක් ලැබීය.


1976 සිට 1997 දක්වාම පරිපාලන වෘත්තීය සේවා ආයතනයනට එක්ව මොරෙනෝ කටයුතු කළ අතර පසුව ඉක්වදෝරයේ පින්චා ප්‍රාන්තයේ විධායක අධ්‍යක්ෂ ධුරයට පත්විය. 1997න් පසුව ක්‍රියාකාරී දේශපාලනයේ දිගටම රැඳී සිටීමට ලෙනන් මොරෙනෝ සමත් විය. ඔහුගේ දේශපාලන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ 2007 ඔහු ඉක්වදෝර උප ජනාධිපති ධුරයට තේරී පත්වීමයි. 


ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ මුල් කාලයේදී එනම් 1998 දී මංකොල්ල කෑමට හසුව සිදු වූ වෙඩි ප්‍රහාරයකින් ආබාධිත තත්ත්වයට පත් වූ ඔහු එතැන් පටන් දේශපාලනය මෙහෙය වූයේ රෝද පුටුවක හිඳිමිනි. නමුත් ඔහුගේ ධෛර්ය සම්පන්න බවේ අඩුවක් නොවීය. මේ තත්ත්වයේ හිඳිමින්ම, දේශපාලනයේ නිරත වෙමින් ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් හැමවිටම පෙනී සිටියේය. ඒ වෙනුවෙන් ඔහු ‘එවෙන්ටා’ නම් සංවිධානයක් ද පිහිටුවා ගත්තේය. උප ජනාධිපති ධුරයේ කටයුතු කළ අවධියේදී පවා ඔහු හය ලක්ෂයකට වැඩි ඉක්වදෝර් ආබාධ සහිත තැනැත්තන්ට නිවාස ලබාදීම, නව නීති හඳුන්වා දීම, ඉක්වදෝරයේ පැවති සමාගම්වලට සියයට 4ක පමණ නියෝජනයක් වන සේ ආබාධ සහිත පුද්ගලයින් සේවයට බඳවා ගැනීමට නීති සැකසීම යනාදිය සිදු විණි. 


ඔහුගේ මේ අභීත ක්‍රියාකලාපය නිසාම 2012 වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වූයේය.


සිය උප ජනාධිපති ධුරය හොබවමින් සිටියදී ප්‍රජාතත්ත්‍රවාදී සමාජවාදී පක්ෂයෙන් 2017 වසරේ ජනාධිපතිවරණයට එක්විය. එම ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ ලෙනන් පැවති දේශපාලන ස්ථාවරය රැඩිකල් ලෙස වෙනස් කරමින් අභ්‍යන්තර හා විදේශ ප්‍රතිපත්තීන් හි විප්ලවීය වෙනසක් ද ඇති කළේය.


රටේ බලසම්පන්න නායකයා වෙමින් රටට සුබ සාධක සංකල්ප රැසක් හඳුන්වා දෙද්දී මේ වනවිට ලෙනන් මොරෙනෝ ට එරෙහිව විරෝධතා මතු වී තිබේ. ඉක්වදෝර් වැසියන්ට මෙතෙක් දී තිබූ ඉන්ධන සහනාධාරය අහෝසි කිරීමට ලෙනන් මොරෙනෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ සිදු කරන අතරම මෙම විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා නොකරන බව ඉක්වදෝර් ජනාධිපති ලෙනන් මොරෙනෝ පවසා තිබේ. දශක හතරක් පුරා පැවැති ඉන්ධන සහනාධාරය අහෝසි කිරීමට ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව ඉක්වදෝර් ජනාධිපතිවරයා පවසා ඇත. 


ඉන්ධන සහනාධාරය අහෝසි කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හේතුවෙන් ඊට විරෝධය පළ කළ ජනතාව රට පුරා විරෝධතා ආරම්භ කර තිබුණි. විරෝධතා අතරතුර පුද්ගලයින් 350 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. පවතින විරෝධතා හේතුවෙන් ඉක්වදෝර් ජනාධිපතිවරයා මේ වනවිට දින 60ක හදිසි තත්ත්වයක් ද රට තුළ ප්‍රකාශයට පත්කර තිබේ.


ජනතා සුබ සාධක රාජ්‍ය සංකල්පයක් රටට ලබාදුන් ඉක්වදෝර් ජනාධිපතිවරයා තවදුරටත් මෙලෙස ජනතා සහන කප්පාදු කළ හොත් ඔහුව තවදුරටත් බලයේ තබා ගන්නේ ද යන්න තීරණය කිරීම ජනතාව සතු වන බව ඔහු අමතක නොකළ යුතුමය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (1)

රෝද පුටුවේ සිට රට කරවන ලොව එකම රාජ්‍ය නායකයා ලෙනන් මොරෙනෝ

amilnikan enakota agaya adui. Saturday, 02 November 2019 03:57 PM

සහනාධාර දීම නතර කල එක හොඳයි. ලෝකේ කොහේ හිටියත් මිනිස්සු නිකන් දෙනවට අඩුවට දෙනවට කැමතියි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site