IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


අයුක්තියට එරෙහිව සටන් කර ජීවිතයෙන් වන්දි ගෙවූ ජමාල් කෂොගි

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. (The Washington Post) පුවත්පතේ තීරු ලිපි රචකයකු, ලේඛකයකු මෙන්ම^Al-Arab News Channel& මාධ්‍ය ආයතනයේ විධායක ජමාල් කෂොගිද මෙලෙස ඝාතනයට ලක්වූ සවුදි අරාබියානු මාධ්‍යවේදියෙකි. යුක්තිය, සාධාරණයට එරෙහිව සවුදි අරාබි රජය ගෙන ගිය වැඩපිළිවෙළට එරෙහිව සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළ ඔහු පිළිබඳ මෙවර සටහන් තබමු.  


වහාබ් සම්ප්‍රදාය සම්බන්ධයෙන් සවුදි අරාබියේ පවතින දැඩි නීති රීති හෙළා දකිමින් සිය මතවාදී අරගලය සිදුකළ කෂොගි, සමානතාත්මතාවය සුරකින සමාජයක් වෙනුවෙන් සැබෑ මුස්ලිම් ජන වර්ගයා නියෝජනය කළ මාධ්‍යවේදියෙකි. ඒ අනුව සිය අවසන් හුස්ම නවතින තුරුම  ස්වකීය මතවාදී අරගලය ඉදිරියට රැගෙන ගිය කෂොගි සැළැකෙන්නේ, සවුදි අරාබි රාජ්‍යය සොයා ගත් අබ්දුල්ලාසිස් සහ ප්‍රබල අවි ආයුධ බෙදාහරින්නෙකු වන ඇඞ්නන් කෂොගිගේද ඥාතියෙකු ලෙසයි. එයද විශේෂත්වයකි. 


1982 වසරේදී ඇමෙරිකාවේ ඉන්දියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධරයෙකු වූ ඔහු, 1983 වසරේදී (ටිහාමා) පොත් හලේ ප්‍රාදේශීය කළමනාකරුවා ලෙස කටයුතු කළ අයෙකි. ඒ අනුව ඔහු මාධ්‍යකරණයට පිවිසෙන්නේ (Saudi Gazette)  හි වාර්තාකරුවෙකු ලෙසයි. ඉන් අනතුරුව 1985 වසරේදී “ධන්” දිනපතා පුවත්පතේ සහකාර කළමනාකරු ලෙස සේවය කළ ඔහු, 1987 වසරේ සිට 1990 වසර දක්වා(Asharq Al-Awsat) (Al Majalla)  සහ(Al Muslimoon)  යන අරාබි පුවත්පත්වල වාර්තාකරුවෙකු ලෙස සිය මාධ්‍ය කටයුතුවල නියැලුණේය. 1991 වසරේදී ඔහු ්කAl Madina පුවත්පතේ කළමනාකාර කර්තෘ සහ වැඩබලන කර්තෘ ලෙසද කටයුතු කළ ඔහුගේ කටයුතු දැඩි ආන්දෝලනයකට තුඩු දෙන්නේ 1991 වසරේ සිට ඔහු ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, කුවේට්, සුඩාන් මෙන්ම මැදපෙරදිග රටවල විදෙස් වාර්තාකරු ලෙස කටයුතු කිරීමත් සමගයි. ඔහු ඇෆ්ගනිස්ථාන යුද සමයේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරන බවට සැක පහළ වන්නට පටන් ගත්තේ මේ අතරතුරයි. 


කෙසේ වෙතත් 1999 වසරේදී නැවතත් Arab News පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස පත්වීමක් ලබන ඔහු, සවුදි අරාබියානු රජයේ අවධානය දිනාගන්නේ ඔහු පළ කළ ආන්දෝලනාත්මක තීරු ලිපි හේතුවෙනි. අරාබි රටවල කාලීන වශයෙන් උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් ඔහු නියෝජනය කළ දේශපාලනමය මතය ඊට හේතුවයි. විශේෂයෙන් සවුදි අරාබිය විසින් යුද ගැටුම් නවතා තමන් විසින් ඇති කර ගත යුතු සහෝදරත්වය පිළිබඳ ඔහු අල් ජසීරා නාලිකාව හරහා පළ කළ අදහස් සවුදි පාලකයන් කම්පනයට ලක් කිරීමට සමත් විය. එසේම ඔහු ඉස්ලාම්වාදී අදහස් ප්‍රතික්ෂේප කර, පල්ලිය සහ රාජ්‍යය සංකල්පවලින් වෙන්වූ ලිබරල් කඳවුරේ සිටගැනීමද, එම සංකල්පය ඇමෙරිකානු සංකල්පයක්වීමද ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.


පසුගිය වසරේ ඔක්තෝබර් මස 02 වැනිදා ඔහු ඝාතනයට ලක්වන්නේ මෙවැනි පසුබිමකයි. එහෙත් පළමුව මෙම ඝාතනය සවුදි රජය විසින් පිළි නොගත්තේ සවුදි රජුට එල්ල වූ චෝදනා බැහැර කරමිනි. කෙසේ වෙතත් එම වසරේ නොවැම්බර් මස 16 වැනිදා වන විට අනාවරණය වූයේ එම ඝාතනය සවුදි රජු විසින් කලින් සැලසුම් කරන ලද ඝාතනයක් බවයි.
ඇමෙරිකාවේ අධ්‍යාපනය ලද කෂොගිගේ දරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකුම ඇමෙරිකානු පුරවැසියන් බැවින් කෂොගිගේ ඝාතනයෙන් අනතුරුව ඔහුගේ දරුවන් සිව්දෙනාටම සවුදි අරාබියෙන් පිටවීමද තහනම් විය.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

අයුක්තියට එරෙහිව සටන් කර ජීවිතයෙන් වන්දි ගෙවූ ජමාල් කෂොගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site