IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තියුණු සටනක් දී ජයගත් පැනමාවේ නීටෝ

 

 

දූෂණය වංචාව සාමාන්‍යකරණය වු රටක සුබ සාධනය ගැන කවර කතාද. එලෙස සාමන්‍යකරණය වූ රටාවක් තුළ දේශපාලන තන්ත්‍රයද දූෂණ වංචා සිදු කරනුයේ ඉහවහා ගිය සතුටකිනි. පැනමා රාජ්‍යයද එවැනි රටකි. 


එය උතුරු හා දකුණු ඇමෙරිකා මහාද්වීප දෙක එකතු කරන ඉස්න්මුන්හි පිහිටා ඇත. එය මායිම් වන්නේ වයඹ දෙසින් කොස්ටරිකාව, ගිනිකොනින් කොලොම්බියා යන රාජ්‍යයන්ටද, උතුරින් කැරිබියානු මුහුද හා දකුණින් පැසිෆික් සාගරයටයි. පැනමාවේ අගනුවර වන්නේ පැනමා නගරයයි. පැනමාව අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් සේම මධ්‍යම ඇමෙරිකාව තුළ ඇති තුන්වැනි හෝ හතර වැනි විශාලතම ආර්ථිකය ඇති රටයි. එය මධ්‍යම ඇමෙරිකාව තුළ ඇති වැඩි වේගයෙන් වර්ධනය වන ආර්ථිකය හා විශාලතම ඒක පුද්ගල පරිභෝජනය ඇති රට වශයෙන්ද පත්ව තිබේ.


එලෙස පැවත තිබියදී පැනමා ජනාධිපති ජුවාන් කාර්ලෝස් වරේලා පරදවමින් තවත් ජනාධිපතිවරයෙක් බිහිවී ඇති බව ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් තහවුරු වී ඇත. ඒ අනුව සියයට 33කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් ලවුරෙන්තීනෝ නීටෝ කොර්තීසෝ එහි ජයග්‍රහණය තමන් සතු කරගත්තේය.


පැනමා ජනාධිපතිවරණයේ තියුණු ජයක් අත්පත් කරගත් ලවුරෙන්තීනෝ නීටෝ කොර්තීසෝ ඇමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ අයෙකු වශයෙන් වඩාත් ප්‍රචලිතය. එසේම ඔහු කෘතහස්ත දේශපාලනඥයෙක්ද ද වේ. වෘත්තීයෙන් හෙතෙම ව්‍යාපාරිකයෙකු වේ. 1994 සිට 2004 වසර දක්වා එරට ජාතික සභාවේ කටයුතු කරන අතරවාරයේදී එරට පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යවරයා බවට තේරී පත්වන්නේය. නමුත් 2006 වසරේදී අමෙරිකාව සහ පැනමාව අතර ඇති වූ නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා අතරවාරයේදී ලබා දුන් සහනයන්ට එරෙහිව විරුද්ධත්වය පළ කිරීමෙන් පසු 2006 වසරේදී ඉල්ලා අස් වුණි.

 

 


කොර්තීසෝ මෙවර ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රධානතම පොරොන්දුව වූයේ සමස්ත පැනමා රාජ්‍යය තුළ පවතින අසමානතාවට එරෙහිව සටන් වැදීමයි. ඊට හේතුව වන්නේ වසර ගණනාවක් පුරා පැනමාව ලතින් ඇමෙරිකාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් පැවතියද, රට පුරා අසමානතාවක් පැවතීමයි.


විශේෂයෙන්ම එරට ග්‍රාමීය ප්‍රදේශවල දක්නට ලැබෙන දරිද්‍රතාව සහ අසමානතාව එරටින් මුලිනුපුටා දමන බව කොර්තිසෝ පැනමා වැසියන් හමුවේ පොරොන්දු විය. එසේම එරට සෞඛ්‍ය අධ්‍යාපන හා වෙනත් සේවාවන් වැඩිදියුණු කිරීමත් කොර්තිසෝගේ ආකර්ෂණීය මැතිවරණ පෙරොන්දු අතර විය.


අවසානයේ සමස්ත මැතිවරණයේ සියයට 95ක ඡන්ද ප්‍රතිශතයක් මේ වන විට ගණනය කර අවසන් අතර ඊට අනුව කොර්තීසෝ ජයග්‍රහණය ලබා ඇති බව එරට මැතිවරණ කොමිසම ඉකුත් 06 වැනිදා නිල වාර්තාවක් නිකුක් කරමින් සඳහන් කළේය. සිය ජයග්‍රාහී රැලියට එක්වෙමින් ජාතික එකමුතුභාවය වෙනුවෙන් කැපවන ලෙස කොර්තීසෝ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


සියයට 50 ඉක්මවන බහුතරය දිනාගැනීමට ඔහු අසමත්ව තිබුණද, විපක්ෂ අපේක්ෂකයන්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් කොර්තීසෝ සිය ජය තහවුරු කර ගත්තේය.
දූෂණය සහ වංචාව රජයන පැනමා දේශපාලන මඩ ගොහොරුව පිරිසුදු කරන බවත්, පසුගිය සමයේ සමාජයේ වඩාත් කතාබහට ලක්වූ පැනමා පේපර්ස් හෙළිදරව්ව සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන පවත්වන බවත් ඔහු සිය පූර්ව මැතිවරණ රැලිවලදී පොරොන්දු වී තිබුණි.


එළඹෙන ජූලි මස පළමු වැනිදා පැනමා ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට නියමිත කොර්තිසෝ ලෝක බලවතුන් වන අමෙරිකාව සහ චීනය වැනි රටවල් සමග සමීප සබදතා පවත්වාගැනීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.

 

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

තියුණු සටනක් දී ජයගත් පැනමාවේ නීටෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site