IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මහා බි්‍රතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්

අවුල් වුණු හිසකෙසින් යුත් ඔහු හැමවිට සැහැල්ලුවෙන් වැඩ කළ නායකයකු විය. නගරාධිපති ධුරයක් දොළොස්වසක් පුරා ඉසිලූ ඔහු අවසානයේ නතර වූයේ ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටි බි්‍රතාන්‍ය අගමැති නිල නිවසේය. ඔහු නමින් බොරිස් ජොන්සන්ය. ඔහුගේ මේ අගමැති ගමන සිහිනයක් සැබෑ වීමකි. එසේම අහම්බයකි. ඒ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම නිසා සිදුවූවකි.


බි්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් ඉකුත් 24 වැනිදා අගමැති ධුරයේ ද වැඩ භාර ගත්තේ, එහෙමත් නැත්නම් මේ ධුරයට බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ පක්ෂ නායකත්වය සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි.


මේ අතර ධුරයෙන් ඉවත්වන අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සුභ පැතීය. “අපි සියලු දෙනා දැන් එකතුව මුළු බි්‍රතාන්‍යයට යහපතක් වන ආකාරයට බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එමගින් ජෙරමි කෝබින් ආණ්ඩුවෙන් ඈත් කර තැබීමට හැකි වෙයි.”_ 


ජෙරමි කෝබින් පවසන්නේ, බොරිස් ජොන්සන් සම්මුතියකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහයෝගය දක්වන බැවින් එක්සත් රාජධානියේ රැකියා කප්පාදුව, බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම සහ ජාතික සෞඛ්‍ය සේවය ඇමෙරිකානු සමාගම්වලට විකුණා දැමීම ද සිදු විය හැකි බවය. මහ ඡන්දයකින් අපේ රටේ ජනතාව තීරණය කළ යුතුයි රටේ අගමැතිවරයා විය යුත්තේ කවුද යන්න” යැයි කෝබින් කියා සිටියේය._


ජෙරමි හන්ට් සමග පැවති කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී බොරිස් ජොන්සන් ඡන්ද 92,153 ලැබූ අතර හන්ට් ලැබුවේ ඡන්ද 46,656ක් පමණි.


මේ සමග එරට අගමැති ධුරයට පත්වන බොරිස් ජොන්සන් එල්ටන් විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ. ඔහු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය.


මුස්ලිම් කාන්තාවන් බුර්කා ඇඟලීම නිසා ඔවුන් “තැපැල් පෙට්ටි වගේ පෙනෙනවා” යැයි පැවසීම හා “බැංකු සොරුන්”ට සම කිරීම හේතුවෙන් බි්‍රතාන්‍යයේ හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් සමාව ගත යුතු බව හා කොන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු නෙරපිය යුතු යැයි ද හඬ නැගෙමින් පවතී.

 

 


බොරිස් ජොන්සන්ගේ එම ප්‍රකාශය සමග එක්සත් රාජධානිය තුළ ඉස්ලාම් භීතියෙන් යුතු නොසන්සුන් බව නරක අතට හරවන බවට ඇතැමුන් විශ්වාස කරන අතර මුස්ලිම් කාන්තාවක ගේ දෑස් පමණක් නිරාවරණය කෙරෙන නිකාබ් නමින් හැඳින්වෙන සළුව මෙන්ම බුර්කාව සම්බන්ධයෙන් ඇති පටලැවිල්ල ද ඉස්මතු කර පෙන්වයි. 


නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය වෙස්මිනිස්ටර් හි ක්වීන් එලිසබත් ටූ ශාලාවේ දී පැවැත්වුණේ පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙනි. නව නායකයා තෝරා පත්කර ගැනීමට පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද 92,153ක් දිනාගත් ජොන්සන් ඉතාමත් පහසුවෙන් සිය ජය තහවුරු කරගත්තේය. එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූ වත්මන් රජයේ විදෙස් කටයුතු ඇමති ජෙරමි හන්ට්ට දිනාගැනීමට හැකි වුණේ ඡන්ද 46,656ක් පමණකි.


මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්සන් වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේ ද සහාය ලබමින් බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සිය ස්ථිර අපේක්ෂාව වන බවය.


බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමුවැනි විදෙස් අමාත්‍යවරයා ද විය. කෙසේ නමුත් අසාර්ථක බ්‍රෙක්සිට් වැඩපිළිවෙළකින් අනතුරුව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූ අගැමැතිනි තෙරේසා මේ වෙත ලැබුණු සහාය තරම්වත් සහායක් ජොන්සන් වෙත නොලැබෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ බව සනාථ කරමින් දැනටමත් හිටපු අමාත්‍යවරයෙක් හා අමාත්‍යවරියක් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඔහුට සහාය නොදක්වන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් දැනටමත් පවසා අවසන්.


පක්ෂ නායකත්වයට මෙන්ම සෘජුව අගමැතිවරයා තෝරා පත්කර ගැනීමට කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන් ඡන්දය භාවිත කළ පළමු අවස්ථාව ලෙසින් ද මෙය ඉතිහාසයට එක් වෙයි.


මේ අතර අගමැතිනි තෙරේසා මේ අවසන් වරට එංගලන්තයේ බකිංහැම් මාලිගයේ දී දෙවැනි එලිසබෙත් රැජිණ හමුවූ අතර එහිදී ඇය සිය ඉල්ලා අස්වීම රැජිණ වෙත භාර දෙනු ඇති අතර ඉන් අනතුරුව බි්‍රතාන්‍යයේ මීළඟ අගමැතිවරයා ලෙසින් බොරිස් ජොන්සන් සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


 එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්සන් වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේ ද සහාය ලබමින් බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සිය ස්ථිර අපේක්ෂාව බවයි. බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමු විදෙස් අමාත්‍යවරයා ද වේ.

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මහා බි්‍රතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site