IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කිරුළ අත්හළ ජපන් අධිරාජයා

 

 

රටක රජකම හෝ නායකත්වය උසුලන අයෙක් එය අත්හැරීම සුළුපටු කාරියක් නොවේ. නමුත් එය අභීතව කළ අධිරාජයෙක් ගැන ඉකුත් සතියේ අපට අසන්නට ලැබුණි. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඔහුගේ අතිශය කැපකිරීම වෙනුවෙනි.


ජපානයේ අකිහිතෝ අධිරාජයා තම සිහසුන අත්හැරීම සනිටුහන් කිරීම වෙනුවෙන් සිදු කෙරෙන අවසන් උත්සවය තෝකියෝ නුවර ඉම්පීරියල් පැලස්හි දී ඉකුත්දා පැවැත්විණි. ශතවර්ෂ දෙකකට වැඩි කාලයකට පසුව සිය කැමැත්තෙන් රජකමෙන් ඉවත් වන පළමු ජපාන අධිරාජයා වන්නේ, ඔහුය. ඔහුගේ වයස සහ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය එම ධූරය දැරීමට යෝග්‍ය නොවන බව ඔහු විසින්ම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අකිහිතෝ අධිරාජයාට එය අත්හැරීමට අවසරය ලැබිණි. 85 හැවිරිදි අකිහිතෝ අධිරාජයා දසක තුනක් ඔටුන්න දරා සිටියේය. 


ඒ සමගම ජපානයට නව යුගයක් ආරම්භ කරමින් ඔටුන්න හිමි නරුහිතෝ කුමරු ඉකුත් බදාදා (මැයි 01) අභිෂේක ගැන්වූයේය. ජපානයේ අධිරාජයාට දේශපාලනික බලයක් නොමැති අතර ජාතික සංකේතයක් ලෙස රාජ්‍යත්වය උසුලයි. 


අකිහිතෝ අධිරාජයා රෝගීන් සහ ආපදාවන්ට ලක්වූවන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලූවෙකු හෙයින් බොහෝ ජපාන වැසියන්ගේ ගෞරවාදරයට පත්ව සිටී.
මෙම උත්සව මාලාවේ පළමු උත්සවයේදී සිදු කළේ, සිය ඉවත් වීම පිළිබඳව ජපාන අධිරාජයාව පවුලේ මීට පෙර සිටි මුතුන් මිත්තන්ට දන්වා සිටීමය. පළමු උත්සවය පෞද්ගලිකව පැවැත්වෙන පවුලේ උත්සවයක් වන අතර ජපාන වැසියන්ට නැරඹිය හැක්කේ අඟහරුවාදා පැවැත්වෙන සමුගැනීමේ උත්සවයයි. බදාදා උදෑසන පැවැත්වෙන උත්සවයේදී නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ගැන්විණි. 1817 වසරෙන් පසු ස්වේච්ඡාවෙන් සිය ධූරය අත්හළ පළමු ජපාන අධිරාජයා අකිහිතෝ වේ.


85 හැවිරිදි ඔහු කලාතුරකින් සිදු කරන ජනතාව ඇමතීමක දී 2016 වසරේදී පැවසුවේ, ඔහුගේ වයස හේතුවෙන් සිය රාජකාරි තවදුරටත් ඉටු කළ හැකි ද යන්න පිළිබඳව සැකසහිත බවය. ඔහු එහිදී පැහැදිලිව ඉඟි කළේ තමන්ට ධූරයෙන් ඉවත් වීමට අවශ්‍ය බවටය. පාරම්පරික උරුමය මත අඛණ්ඩව පවත්වාගෙන යන අධිරාජ ධූරය මෙය වේ. විද්වතුන් පවසන්නේ, එයට ක්‍රිස්තු පූර්ව 600 දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් හිමි බවය.


ජපානයේ අධිරාජයෝ දේවත්වයෙහිලා සලකනු ලැබූහ. එහෙත්, දෙවන ලෝක සංග්‍රාමයේ දී ජපානය පරාජයට පත්වීමෙන් පසු අකිහිතෝගේ පියා වූ එවකට අධිරාජයා ලෙස ක්‍රියා කළ හිරොහිතෝ තමන්ගේ දේවත්වය අත්හරින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය.


යුද්ධයෙන් පසුව හානියට පත් ජපානයේ ප්‍රතිරූපය යළි ගොඩ නැගීමට සහාය වූයේ, අකිහිතෝ අධිරාජ බව අමතක නොකළ යුතුය.


නරුහිතෝ කුමරු ජපානයේ 126 වන අධිරාජයා බවට පත්වීමට නියමිතය. ඒ අනුව, බදාදා (මැයි 01) සිට එරට රයිවා යුගය :ඍැසඅ් ැර්* ඇරඹෙනු ඇත. ඒ සමගම 1989 වසරේදී අකිහිතෝ අධිරාජයා එම ධූරයට පත්වීමත් සමග ඇරඹුණු හෙයිසෙයි යුගය :්‍යැසිැස ැර්* අවසන් වනු ඇත. 

 

නරුහිතෝ සහ මසාක යුවල

 

 


59 හැවිරිදි නරුහිතෝ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහු ඔටුන්න හිමි කුමරු බවට පත් කරන ලද්දේ, වයස අවුරුදු 28 දීය. ජපානයේ නව අධිරාජයා ලෙස අකිහිතෝ අධිරාජයාගේ පුත් නරුහිතෝ කුමරු අද නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතයි. 


මෙම පත්වීමත් සමග ජපානයට නව යුගයක් උදා වනු ඇතැයි විශ්වාස කෙරේ. ජපානයේ අධිරාජයෙකු ලෙස පත් වන විට ඔහුට නිල වශයෙන් අනිවාර්ය සැමරුම් භාණ්ඩ 3ක් හිමි වේ. ජපාන සම්ප්‍රදායට අනුව කඩුවක්, මැණික් ගලක් සහ කණ්ණාඩියක් ඊට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


1986 වසරේදී තේ පැන් සාදයක් අතරතුර දී ඔහුගේ බිරිඳ වන මසාකෝ ඔවාඩා කුමරිය ඔහුට හමු වී තිබේ. ඔවුන් විවාහ වූයේ, 1993 වසරේදීය. ඔවුන් දෙදෙනාගේ එකම දරුවා වන අයිකෝ කුමරිය 2001 වසරේදී උපත ලැබීය. කෙසේ වෙතත්, ජපානයේ වත්මන් නීතිය අනුව කාන්තාවන් අධිරාජ ධූරයට පත් වීම වළක්වා ඇති හෙයින් නරුහිතෝගේ දියණියට සිය පියාගේ උරුමය හිමි නොවනු ඇත.


නරුහිතෝගෙන් පසු අධිරාජ ධූරයට සුදුසුකම් ලබා සිටින්නේ අයිකෝ කුමරියගේ මාමා වන ෆුමිහිතෝය. ඔහුගෙන් පසු අයිකෝ කුමරියගේ ඥාති සොයුරා වන 12 හැවිරිදි හිසහිතෝ කුමරු ඔටුන්නට හිමිකම් කියනු ඇත.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

කිරුළ අත්හළ ජපන් අධිරාජයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site