IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ඇල්ජීරියාවේ ඒකාධිපතියා

 

පස්වැනි වරටත් ඇල්ජීරියාවේ පාලන බලය අපේක්ෂා කරමින් එළැඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට අදාළ නිල දැනුම්දීම එරට ව්‍යවස්ථා සභාවට භාරදීමට ජනාධිපති ඇබ්දෙලාසීස් බුටෆියේකා පසුගියදා කටයුතු කළේය. එලෙස ඔහු කටයුතු කරනුයේ ඉකුත් දශක දෙකකට වැඩි කාලයක් පුරා එරට නායකත්වයේ රැඳී සිටිමිනි. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ මේ ඒකාධිපති රාජ්‍ය නායකයා වෙනුවෙනි.


දිගින් දිගටම තමාට එරෙහිව රට තුළ පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරණයෙන් වසරකට පසුව තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය. ඇල්ජීරියා ජනාධිපති ඇබ්දෙලාසීස් බුටෆියේකා යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එරෙහිව එරට තුළ දැවැන්ත විරෝධතා ආරම්භ වූයේ මීට මාස කිහිපයකට පෙර සිටමය. මේ වන විටත් ඔහු එරට ජනාධිපතිවරයා ලෙස දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කිරීම ජනතාව මෙලෙස ඔහුව ප්‍රතික්ෂේප කිරීමට හේතුවයි.


ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් රට පුරා පැවති විරෝධතාවලට දහස් සංඛ්‍යාත පිරිසක් ඒකරාශී වී සිටින්නේ එකාමෙනි... මන්ද තවත් හිට්ලර් කෙනෙකු හෝ මුසෝලිනි වැනි ඒකාධිපති නායකයින් තමන්ට අවශ්‍ය නොවන බැවිනි. ඔහු පස්වන වරටත් එරට පාලන බලය අපේක්ෂා කරමින් එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කළේ  පවතින විරෝධතා තවදුරටත් උග්‍ර කරමිනි.


එමෙන්ම 2011 අරාබි වසන්තයේ නැගිටීම්වලින් අනතුරුව එරට තුළ පැවැත්වෙන දැවැන්තම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාව මෙය වීමද විශේෂත්වයක් යැයි පැවසිය යුතුමය. 1937 මාර්තු 2 වැනිදා උපන් 82 හැවිරිදි ජනාධිපති ඇබ්දෙලාසීස් බුටෆියේකා පසුගියදා ජනාධිපතිවරණ අපේක්ෂක්තවයට අදාළ නිල දැනුම්දීම එරට ව්‍යවස්ථා සභාවට  භාරදුන්නද මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද දැඩි ලෙස පිරිහී ඇති බව සඳහන්ය. ඔහු 2013 වර්ෂයෙන් පසුව ජනතාව ඉදිරියේ පෙනීසිටි අවස්ථා සීමිතය. මන්ද එම වසරේදී ඔහුට හදිසියේ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙනි.
දුර්වල සෞඛ්‍යය, වංචා දූෂණ, ආර්ථික ප්‍රතිසංස්කරණ නොමැතිකම, විරැකියාව හුවා දක්වමින් විරුද්ධවාදීන් ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන නමුත් වත්මන් ජනාධිපතිවරයා ඉන් ජයග්‍රහණය කරනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


1954 වර්ෂයේ සිට 62 දක්වා කාලය තුළ ප්‍රංශයට එරෙහිව නිදහස් අරගලයට සහභාගී වූ බුටෆියේකා වැනි නායකයෙක් තවමත් එරට පාලන බලය හෙබවීම සුවිශේෂී බව සඳහන් වේ. 
කෙසේ වෙතත් අසල්වැසි රටවල නායකයින් බලයෙන් පහකළ එළඹී අරාබි වසන්තයේ ජනතා උද්ඝෝෂණ රැල්ලෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව දහස් සංඛ්‍යාත ඇල්ජීරියානු සිසුහු වීදි බැස්සාහ.  විරෝධතාවල නිරතවෙමින් සිටින පිරිස් පාලනය සඳහා කැරලි මර්දන පොලීසියද යොදවා ඇත. ඇල්ජිරීයෙස් අගනුවර විශ්වවිද්‍යාලයේ රැස්වුණු සිසුහූ සතියකට ආසන්න කාලයක් තිස්සේ මෙලෙස විරෝධතාවල නිරත වෙමින් සිටිති. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් ඉවතට පැමිණ විරෝධතාවේ නිරතවීම වැළැක්වීම සඳහා එහි පිටත පොලීසියද රඳවා ඇති බවද ඉකුත් දිනවලදී වාර්තා විණි. මේ වනවිටත් අගනුවර පැවැත්වෙමින් ඇති විරෝධතා සඳහා එක්වීම වැළැක්වීම එහි අරමුණයි.


මේවන විට ඇල්ජීරියාවේ ජනාධිපතිවරයාට විරුද්ධව පැවති විරෝධතාවකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් 183 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. අවුරුදු අටක පමණ කාලය තුළ ඇල්ජීරියාවේ ඇතිවූ දැවැන්තම විරෝධතාව මෙය බව විචාරකයෝ පවසති. විරෝධතා අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් පුද්ගලයෙකු මරුමුවට පවා පත්විණි. විරෝධතාකරුවන් අගනුවර වන ඇල්ජිරීයෙස්හි පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සමග ගැටුම් ඇතිවූ බව පැවසේ.


දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහයද ඔහුට හිමිව ඇති අතර විපක්ෂය දුර්වල පසුබිමක ඔහු මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


පාලකයෙකු අසීමාන්තිකව බලයේ රැඳී සිටීමට උත්සාහගත හොත්, ඔහුට අවසානයේ සිදු වන දෑ ගැන ඉතිහාසයෙන් අපට සෑහෙන පාඩම් කියා දී තිබේ. ඇල්ජීරියාවේ ජනාධිපතිවරයාද සිතට ගත යුත්තේ ඉතිහාසයෙන් ලැබී ඇති පාඩම් සිහියේ තබා ගැනීම පමණකි.

තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඇල්ජීරියාවේ ඒකාධිපතියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site