IMG-LOGO

වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි

ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා මෙරට සිය සිව්දින නිල සංචාරය අවසන් කරමින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ සම ලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත සම්මත වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි.

අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ න්‍යාය පත්‍රයේ නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ එවැනි පනත් කෙටුම්පතක් කිසිඳු නිල අදියරක නොමැති බවයි.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සම ලිංගික විවාහ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය වෙනස් කිරීමටට නම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් එම වගන්ති සංශෝධනය කළ යුතුව ඇත.

අධිකරණ අමාත්‍යවරයා එලෙස එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත් ජාතික ජන බලවේග රජය විපක්ෂයේ සිටින කාලයේදී සමලිංගික විවාහ නීතිගත කිරීමට දරණ උත්සාහයන්ට පක්ෂ වෙමින් සමරිසි ප්‍රජාවට සහාය දැක්වූවේය.

පසුගිය වසරේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේදී ප්‍රේම්නාත් දොලොවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතකට ජාතික ජන බලවේගය සහාය ලබාදෙන බවයි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත බලරහිත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2019 ජනාධිපතිවරණය පැවැති අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන අසමානතාවයන් අහෝසි කරන බවට පොරොන්දු වූ අතර එලෙස පොරොන්දුවක් ලබාදුන් ප්‍රථම ජනාධිපති අපේක්ෂකයාද ඔහු වේ.

 



අදහස් (7)

වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි

Dr. Vajira Fernando Sunday, 29 June 2025 02:23 PM

සමලිංගික විවාහය පිළිගැනීමට තරම් අපේ සමාජය පරිණත වී නොමැත​. එහෙත් එවැනි සම්බන්ධතා අපරාධමය වරදක් ලෙස සළකන නීතිය වහා වෙනස් විය යුතුයි​...

:       92       25

BBCSunday, 29 June 2025 05:50 PM

සමාජයේ මොලේ කචල් වී නැතැයි කීවා නම් සාධාරණ වෙනවා.

:       2       14

යෝගා Sunday, 29 June 2025 02:33 PM

ඡන්ද ගන්න ඕනෑම පොරොන්දුවක් දෙනවා. ඒ විදියටම අන්තර්ජාතික ප්‍රජාව රවට්ටනවා. ආණ්ඩුවට එක මතයක් නැද්ද? ජෙප්පොයි, පාපිස්සොයි අතර කඹ ඇඳිල්ලක්ද?

:       28       49

රට වැසියා Sunday, 29 June 2025 02:46 PM

අපි ජාතියක් විදියට, නිහින, නිවට, රෝගි, විකෘති මනසක් තිබෙන බව ලොකේට පෙන්වන්න එපා... මේ ආණ්ඩුවට ඒ ගැන විශාල වගකීමක් තිබෙනවා... පෙර කරුමෙට උපන්න නපුංසයින්ට එය අයගේ පාඩුවේ ඉන්න දෙන්න! ඒ අය කස‍‍ාද බන්ඳලා, මේ වෙන කොට රටේ නැති ප්‍රශ්න හදන්න එපා කි‍යා රට වැසියෙකු ලෙස ඉල්ලා සිටිමි...

:       9       92

fairoos Sunday, 29 June 2025 05:31 PM

ඕකයි දැන් ලංකාවට අඩුවට තිබුණේ...

:       4       57

අතුල Sunday, 29 June 2025 05:46 PM

සමරිසි විවාහයන් කියන්නේ "නපුන්සක" විවාහ නොවෙයි. "පිරිමි-පිරිමි, ගැහැණු-ගැහැණු විවාහයන්". කුමක්හෝ කායික/ මානසික හේතුන් නිසා මෙවැනි පෙළඹවීම් තියෙනවා. ඒවා උප්පත්තියෙන්ම ලබපු දේවල්. ඒ නිසා එහෙම අය සමාජයෙන් කොන් කරන්න සුදුසු නැහැ. ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, නෙදර්ලන්තය, නව සීලන්තය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රාශියක්, සමරිසි විවාහයන් නීතිගත කරලා තියෙනවා. ගැහැණු - පිරිමි විවාහයකට අකැමැත්තක් හෝ ගැටළුවක් තියෙන නිසයි එහෙම ආකර්ශනයක් වෙන්නේ. එහෙම අයට නීතියෙන් අවස්ථාව ලැබිය යුතුයි. තම අභිමතයට කටයුතු කරන්න. ඔවුන් හොරෙන් හොරෙන් තම අවශ්‍යතාවයන් ඉටුකර ගන්නවාට වඩා හොඳයි. නීත්‍යානුකුලව එහෙම කර ගන්න එක. එතකොට ආරක්ෂාව, සෞඛ්‍ය ගැටළු ඇතිවන්නේ නැහැ. ගතානුගතික හෝ සංස්කෘතික විදියට නොව, ධනාත්මක විදියට හිතන්න.

:       15       11

වෑල්ඩින් ආචාර්ය Sunday, 29 June 2025 06:05 PM

නිකන් අහන්න හිතුනේ අමතක වෙන නිසා. කෝ දැන් කොටි පල්ලියේ පාස්කු ගාය හොඳ වෙලාද? ගෝඨා ඉන්නකොට පැයෙන් පැයට මාධ්‍ය සාකච්ඡා තිබ්බ කෙනෙක්...

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 399 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site