බටහිර රටවල් පැනැවූ සම්බාධකවලින් වැඩක් නෑ යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ටත්, රුසියානු රජයටත් පනවා ඇති සම්බාධකවලින් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 30 March 2023
තායිවාන ජනාධිපති ග්වාතමාලා-බෙලීස් සංචාරයක තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, ග්වාතමාලා සහ බෙලීස් සංචාරයකට යෑමට සූදානම් වෙයි. මෙම සංචාරවලදී තමන් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් බව ජනාධිපතිවරිය පැවැසීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. 30 March 2023
විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් පාකිස්තාන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් සොයාගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා තමා ඇතුළු විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් යෝජනා කරන බව පාකිස්තාන අග විනිසුරු උමර් අටා බන්දයාල් පවසා තිබේ. 30 March 2023
සූ කීගේ දේශපාලන පක්ෂය විසුරුවයි බලයෙන් නෙරපා දැමීමෙන් පසු, චෝදනා රැසකට මුහුණ දී සිරදඩුවම් විඳින, මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කීගේ ’ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය’ දේශපාලන පක්ෂය විසුරුවා හැරීමට මියන්මාර හමුදා පාලකයෝ කටයුතු කළහ. 30 March 2023
තායිවානයේ හිටපු ජනපති චීන සංචාරයක තායිවානයේ හිටපු ජනාධිපති මා යිංග් ජෝ චීනයේ සංචාරයකට පැමිණියේය. චීනය සහ තායිවානය අතරේ විරසකයයක් පවතී. චීනය තවමත් සලකන්නේ තායිවානය එරට කොටසක් ලෙසය. තායිවානය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1949 කොමියුනිස්ට් විප්ලවයෙන් පසුවය. 28 March 2023
ඇෆ්ගන් විදෙස් අමත්‍යාංශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියේය. ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත්තේ එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවය. ප්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ. 28 March 2023
එක්වදෝරායට මහ වැසි: නායයෑම් ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ දකුණු දිග පළාත්වලට මහ වැසි ඇද හැලෙමින් පවතී. අලෝසි පළාතේ ගම්මාන රැසක් නායයෑමට ලක් වී ඇති බවත් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. මහ වැසිවලින් සහ නායයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන 500 කි. 28 March 2023
රාහුල්ට බංගලාවත් අහිමි වෙයි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම, ඔහු 2005 වසරේ සිට පදිංචිව සිටි බංගලාවෙන් ඉවත්වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 28 March 2023
චීනය ව්‍යාපෘතිවලට ඩොලර් බිලියන 240 ක් වැය කරලා අර්බුද වලට මුහුණ පා සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල් 22 ක් එම අර්බුද වලින් ගොඩ ගැනීම සඳහා 2008 සහ 2021 වසර තුළ චීනය, ඇමෙරිකන් ඩොලර් බිලියන 240 ක මුදලක් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ලබා දී ඇතැයි ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි. 28 March 2023
තායිවානය අමතක කර චීනයට ළං වෙයි දශක ගණනක්, තායිවානය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අමතක කොට චීනය සමඟ නව සබඳතා ආරම්භ කිරීමට ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යය කටයුතු කළේය. 28 March 2023
සඳ මතුපිට ජලය සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති. 28 March 2023
යුක්රේනයට යුද ටැංකි දෙන්න ජර්මනිය සූදානම් රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ‘ලෙපර්ඩ්’ වර්ගයේ යුද ටැංකි 18 ක් ලබා දීමට කටයුතු කරන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කියයි. 28 March 2023
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ය. 28 March 2023
නෙදන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය හඳුන්වා දීමට සැරැසුණු නව අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වීමත් සමඟ එම ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සිදුවිය. 27 March 2023
හමුදා සේවය මග හරින්න අවස්ථාවක් දකුණු කොරියාවේ වයස අවුරුදු 18 ත් 28 ත් අතර අබාධිත නොවන පිරිමින් සියලු දෙන මාස 18 ත් 21 ත් අතර කාලයක් හමුදා සේවයේ අනිවාර්යයෙන් නිරත විය යුතු වේ. 27 March 2023
ඇෆ්ගනිස්තානයට මහ වැසි ඇෆ්ගනිස්තානයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, පළාත් 9 ක අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ. 26 March 2023
බෙලරූසයට න්‍යෂ්ටික අවි දෙනවා - පුටින් අසල්වැසි බෙලරූස් රාජ්‍යයට න්‍යෂ්ටික අවි ලබා දෙන බවත්, ඒවා උපායශීලීව, බෙලරූසයේ ස්ථාන කීපයක ස්ථානගත කර තබන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 26 March 2023
ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන් ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි. 26 March 2023
මැතිවරණ තියන්න සල්ලි නෑ මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ. පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින් රට මෙම අර්බුදයට මුහුණ පා සිටින බවය. 26 March 2023
ලෝකය චීනයට කන් දෙන්න ඕනෑ රුසියන් යුක්රේන අර්බුදය සාමකාමී ලෙස අවසන් කිරීමට නම්, ලෝකය චීනයට කන් දිය යුතු යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් කියයි. 25 March 2023
චීනයෙන් රුසියාවට අවි ලැබී නැහැ - බයිඩන් රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනය, රුසියාවට අවි අයුධ ලබා දීමක් සිදු කර නොමැති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබේ. 25 March 2023
සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක් ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ’මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි. 25 March 2023
ට්‍රම්ප්ට චෝදනා ගොනු කිරීම කල් යයි 2016 ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර මැතිවරණ ප්‍රචාරණ මුදල් වලින් ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ගෙවනු ලැබ ඇතැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරනවාද නැද්ද යන්න තීරණය සතියකින් පමණ කල් ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත. 23 March 2023
ත්‍රිමාණ මුද්‍රණයෙන් සැකැසූ චීස් කෑල්ල නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලය ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය නව මානයකට රැගෙන යමින් විනාඩි 30 ක් තුළ ආහාරයට ගත හැකි චීස් කැබැල්ලක් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනය භාවිත කරමින් සකස් කිරීමට සමත්ව ඇත. 23 March 2023
සංචාරක වීසා අරන් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න අවස්ථාවක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරක සහ ව්‍යාපාරික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියා සඳහා අයැදුම් කිරීමටත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාව තිබෙන බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත. 23 March 2023
යුක්රේනය ගොඩනගන්න බිලියන 411 ක් යනවා ඉදිරි වසර 10 ක කාලයේ, රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනය යළි ගොඩනැගීමට නම්, ඇමෙරිකන් ඩොලර් බිලියන 411 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වනු ඇතැයි ලෝක බැංකුව කියයි. 23 March 2023
ජගත් අපරාධ අධිකරණයට රුසියාවෙන් තර්ජන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන්, රුසියාවෙන් තමන්ට විවිධාකාරයේ ‘තර්ජන’ එල්ල වෙමින් පවතින බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරයි. 23 March 2023
රුසියාවේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා යුක්රේනයේ කියෙව් පළාතට එල්ල වුණු රුසියන් හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් අට දෙනකු මියයෑමත් සමඟ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියා සිටියේ, රැසියාවෙන් එල්ල වන සෑම ප්‍රහාරයකට දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය. 23 March 2023
චීන සාම සැලැස්මට ඇමෙරිකන් විරෝධයක් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී සකස් කළ සාම සැලැස්මට ඇමෙරිකාවෙන් විරෝධයක් එල්ල වෙයි. 23 March 2023
යුක්රේන උසස් පාසලකට රුසියන් ප්‍රහාරයක් යුක්රේනයේ වෘත්තීය පුහුණු පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ල විය. 22 March 2023
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026