ඇමෙරිකන් ජනපතිගෙන් ඊශ්රායල අගමැතිට ඇමතුමක්
ඊශ්රායල ප්රහාර හමුවේ, පිඩාවට පත් ගාසා පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම වේගවත් කළ යුතු බවත්, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල කරද්දී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට දැඩි ක්රියා මාර්ග අනුගමනය කළ යුතු බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහුට පැවැසීය.