විපක්ෂ නායක ග්‍රාන්ට්ස් යුද කැබිනට්ටුවෙන් යයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සහාය පළ කරමින්, නෙදන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලය සමඟ එක් වී සිටි විපක්ෂ ඊශ්‍රායල විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් එම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 10 June 2024
ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. 10 June 2024
මෝදි දිවුරුම් දෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. 09 June 2024
තෙළිගු නිළිය අත්අඩංගුවේ තෙළිඟු නිළි හේමා, බැංගලූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, රාත්‍රී සාදයක් අතරතුරේදීය. කොකේන්, ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් මෙසේ හේමා අත්අඩංගුවට ගත් බව පැවැසෙයි. 09 June 2024
යුරෝපා මැතිවරණය අවසන් අදියරේ සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හැඳින්විය හැක. 08 June 2024
ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය. 08 June 2024
විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ? ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 08 June 2024
බයිඩන් සෙලෙන්ස්කිගෙන් සමාව ඉල්ලයි ’ඩී ඩේ’ සැමරුමට සහභාගීවීමට ප්‍රංශයට ගිය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්විණි. 08 June 2024
යුක්රේනය දිනන්න න්‍යෂ්ටික අවි ඕනෑ නෑ යුක්රේන යුද්ධයේ දී යුක්රේනය අල්ලා ගැනීම සඳහා න්‍යෂ්ටික අවි අවශ්‍ය නොවන බවත්, න්‍යෂ්ටික අවි කිසිම අවස්ථාවක යොදා නොගන්නා බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 08 June 2024
ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක් ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වූවාය. 08 June 2024
ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය ඇරඹෙයි 27වැනි ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) ජුනි 5 සිට 8 දක්වා ශාන්ත පීටර්ස්බර්ග් හිදී පැවැත්වේ 07 June 2024
සුඩාන හමුදාවෙන් වෙඩි: ගම්මානයක 100 ක් මරුට අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානයේ, ආර්.එස්.එෆ් අතිරේක හමුදා බලඇණියට අයත් සන්නද්ධ සාමාජිකයන්, කුඩා ගම්මාන කීපයකට කඩා වැදී කළ වෙඩි තැබීම්වලින්, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. 07 June 2024
සෙල්ෆි ගනිමින් සිටි කාන්තාව දුම්රියේ හැපෙයි මෙක්සිකෝවේ කාන්තාවක, සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිද්දී, දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 07 June 2024
මෙක්සිකෝවේ කුරුලු උණ මරණයක් මෙක්සිකෝවෙන් කුරුලු උණ රෝගියකුගේ මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ, කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගිය පළමු තැනැත්තාය. 06 June 2024
කේට් රාජකීය කටයුතුවලට සමුදෙයි බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් කුමරිය, රාජකීය කටයුතුවලින් සදහටම සමුගැනීමට සූදානම් වෙනවා යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. 06 June 2024
ගාසා පාසලකට ඊශ්‍රායලය පහර දීලා ගාසා තීරයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය පාසලකට ඊශ්‍රායල හමුදා ඊයේ (6) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පාසලේ රැඳී සිටි 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 06 June 2024
චෙක් ජනරජයේ දුම්රිය අනතුරක් චෙක් ජනරජයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් සිව් දෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 06 June 2024
25 ට අඩු සිවුදෙනෙක් ලොක්සභාවට අවුරුදු 25 ට අඩු අපේක්ෂකයන් සිවු දෙනෙක්, මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර, ලොක් සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වී සිටිති. 05 June 2024
මෝදි දිවුරුම් දීම සෙනසුරාදා භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිටපිට තෙවැනි වරටත් ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සෙනසුරාදා (8) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. 05 June 2024
දරුවෝ 100 යි: එක වැසිකිළියයි ගාසා තීරයේ දකුණු කෙළවරේ, රෆා නගරයට නුදුරින් පිහිටුවා ඇති සරණාගත කඳවුරක කුඩා දරුවන් 100 කට වැඩි පිරිසක් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් සියලු දෙනාට ඇත්තේ එක් පොදු වැසිකිලියක් බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි. 05 June 2024
සුනාක් - ස්ටාර්මර්: විවාදය උණුසුම් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වන, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායක රිෂී සුනාක් සහ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය උණුසුම් විය. 05 June 2024
මෙක්සිකෝ නගරාධිපතිනිය මරා දමලා බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය. 04 June 2024
සඳෙන් පස් අරන් චීන යානය ඔන්න ආපසු එනවා සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් ’චැංග් ඊ 6’ නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය. 04 June 2024
කොටස් වෙළෙදපොළ වැටිලා මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟ ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 04 June 2024
මෝදිට බහුතරය අහිමි වේවිද? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට තියුණු සටනක් දීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. 04 June 2024
තෙවන වරටත් ඉන්දියාව මෝදිට ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 June 2024
ප්‍රතිඵල එයි: මෝදි ඉදිරියෙන් දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවෙයි. 04 June 2024
ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි. 04 June 2024
ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 03 June 2024
මෝදිට යළිත් විශිෂ්ට ජයක් හිමිවන ලකුණු පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි. 03 June 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026