
රුසියන් යුක්රේන යුද්ධයේ දී, බටහිර රටවල් එක් වී, යුක්රේනයට සහාය දක්වන්නේ නම්, රුසියාව උතුරු කොරියාවේ සහාය ලබා ගැනීම වරදක් නොවන බව එක්සත් ජාතීන්ගේ රුසියන් නියෝජිත වසීලි නෙබෙන්සියා පවසයි.
එක්සත් ජාතීන්ගේ රුසියන් නියෝජිතයා වසීලි නෙබෙන්සියා මෙසේ පැවැසුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ රුසියන් යුක්රේන අර්බුදය සාකච්ඡාවට ලක් වෙද්දීය.
මේ වනවිට රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට උතුරු කොරියානු සෙබළු 10,000 ක් සම්බන්ධ වී සිටින බව පැවැසෙයි. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥප්තිය උල්ලංඝනය කිරීමක් යැයි දකුණු කොරියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුක්රේනය රුසියාවට චෝදනා කර ඇත.
රුසියාව සහ උතුරු කොරියාව ද අසල්වැසියන්ය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා පවතී. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනටත්, අභ්‍යවකාශ වැඩසටහනටත් සහාය දක්වන්නේ රුසියාවය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට බටහිර රටවල් සම්බාධක පැනැවීම් සිදු කර ඇති බැවින්, රුසියාව අවි ආයුධ, පතුරම් ආදිය ලබා ගන්නේ උතුරු කොරියාවෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd