IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


උතුරු කොරියාවෙන් උදවු ගැනීම වරදක් නොවෙයි - රුසියාව

රුසියන් යුක්රේන යුද්ධයේ දී, බටහිර රටවල් එක් වී, යුක්රේනයට සහාය දක්වන්නේ නම්, රුසියාව උතුරු කොරියාවේ සහාය ලබා ගැනීම වරදක් නොවන බව එක්සත් ජාතීන්ගේ රුසියන් නියෝජිත වසීලි නෙබෙන්සියා පවසයි.

එක්සත් ජාතීන්ගේ රුසියන් නියෝජිතයා වසීලි නෙබෙන්සියා මෙසේ පැවැසුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ රුසියන් යුක්රේන අර්බුදය සාකච්ඡාවට ලක් වෙද්දීය.

මේ වනවිට රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට උතුරු කොරියානු සෙබළු 10,000 ක් සම්බන්ධ වී සිටින බව පැවැසෙයි. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥප්තිය උල්ලංඝනය කිරීමක් යැයි දකුණු කොරියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුක්රේනය රුසියාවට චෝදනා කර ඇත. 

රුසියාව සහ උතුරු කොරියාව ද අසල්වැසියන්ය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා පවතී. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනටත්, අභ්‍යවකාශ වැඩසටහනටත් සහාය දක්වන්නේ රුසියාවය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට බටහිර රටවල් සම්බාධක පැනැවීම් සිදු කර ඇති බැවින්, රුසියාව අවි ආයුධ, පතුරම් ආදිය ලබා ගන්නේ උතුරු කොරියාවෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

උතුරු කොරියාවෙන් උදවු ගැනීම වරදක් නොවෙයි - රුසියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site