
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය.
ජනමත සමීක්ෂණ අනුව, ජයග්‍රාහකයා කවුරුන්දැයි කල්තියා අනාවැකි කීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඊට හේතුව, ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ කරටකර සටනක් පවතින බැවිනි. ට්‍රම්ප් සහ කමලා හැරිස්ගේ අවසන් ජන රැලි පැවැත්වුණ් මිචිගන් සහ පෙන්සිල්වේනියා ජනපදවලය.
මිචිගන් ජන රැලියට ට්‍රම්ප් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයෝ එක් වූහ. ඊට අමතරව, ජනප්‍රිය ඇමෙරිකන් නිවේදිකාවක මෙන්ම මාධ්‍ය තරුවක් ලෙස ද සැලකෙන මේගන් කෙලී ද ට්‍රම්ප්ට සහාය පළ කරමින් ට්‍රම්ප්ගේ වේදිකාවට ගොඩවූවාය. පෙන්සිල්වේනියා ජනපදයේ පැවැති කමලා හැරිස්ගේ අවසන් ජන රැලියට කැතී පෙරී සහ ලේඩි ගාගා යන ජනප්‍රිය ඇමෙරිකන් ගායිකාවෝ ද එක් වී සිටියහ. ඒ, කමලාට සහාය පළ කරමිණි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1499
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1334
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
රට වැසියා Tuesday, 05 November 2024 11:21 AM
ඩොනලඩ් ට්‍රම්ප් උන්නැහේ දිනනවා, කාන්තාවකට ඇමෙරිකාව ජනාධිපති වෙන්න තිබෙන හැකියාව ඉතාම සීමිතයි.