
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනපද 23 ක් ද ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමගා හැරිස් ජනපද 11 ක් ද දිනා ගනු ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් පමණක්ම නොව, ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්දවලිනි. ඉලෙක්ටෝරල් කොලේජ් යනු ඒ ඒ පක්ෂයේ නියෝජිතයන් ගණනය.
මාධ්‍ය පළ කර ඇති අනාවැකි අනුව, ඇමෙරිකන් මාධ්‍ය අනාවැකි පළ කර ඇති ආකාරයට, ට්‍රම්ප් ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 230 ක් ද කමලා හැරිස් ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 209 ක් ද හිමි කර ගනු ඇත. ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා එක් අපේක්ෂකයකු මෙම ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 270 සීමාව පසු කළ යුතු වෙයි.
ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවනු ඇත්තේ පෙන්සිල්වේනියා, ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා සහ විස්කොන්සින් යන ජනපදවල ඡන්දයෙනි. හේතුව, මෙම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කරනවාදැයි වේලාසනින් පැවැසීමට නොහැකි බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd