
රුසියන් අධිකරණයක්, ගූගල් සමාගමෙන්, ගෙවීමට අපහසු විදියේ, දඩ මුදලක් ඉල්ලා ඇත. එම මුදල ඇමෙරිකන් ඩොලර්වලින් 20,000,000,000,000,000,000,000,000,000,000,000 කි.
ලෝකයේ වඩාත්ම ධනවත් සමාගමක් ලෙස සැලකෙන ගූගල් සමාගමේ වටිනාකම වන්නේ ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 2 ක් බැවින්, රුසියන් අධිකරණය පැනැවූ දඩ මුදල ඔවුන්ට ගෙවීමට නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් ගෙවීමට බැරි ආකාරයේ දඩ මුදලක් ගූගල් සමාගමෙන් ඉල්ලා සිටියේ, සංකේතාත්මකව බවත්, ගූගල් සමාගම රුසියන් යූ ටියුබ් නාළිකා සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමට, ගූගල් සමාගම පොළොඹවා ගැනීම මෙම දඩ මුදල නියම කිරීමේ අරමුණ බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd