
උතුරු කොරියන් සෙබළු 8,000 ක් රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන දේශසීමාවේ රැඳී සිටින බවත්, එම සෙබළුන් රුසියාව සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වැදීමට නියමිත බවත් ඇමෙරිකාව පවසයි.
උතුරු කොරියන් සෙබළු රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට එක් වීම, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත්, දකුණු කොරියාවේත් කනස්සල්ලට හේතුවක් වී ඇත.
ඇමෙරිකා ආරක්ෂක අංශ ප්‍රධානීන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd