IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

සමිත් බෝධිපක්ෂ (චීනයේ ෂැංහයි නුවර සිට)

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය.  චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 

පෙර ප්‍රදර්ශනවලදී මෙන්ම මෙවරද එහි ව්‍යවසාය ව්‍යාපාර ප්‍රදර්ශන, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය, වෘත්තීය සහාය ක්‍රියාකාරකම් සහ සංස්කෘතික හුවමාරු ආදී ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි.

රටවල් 30කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය  වර්ග මීටර් 330,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැවැත්වෙයි. 

2018 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව  ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද කිහිප වතාවක් සහභාගි වී තිබෙන අතර, මෙවරද ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශන කුටි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද ප්‍රධාන ප්‍රදර්ශන කුටිය ප්‍රදර්ශන භූමියේ පිහිටි ජාත්‍යන්තර කලාපයේදී අද සවස විවෘත කෙරිණි. චීනයේ ෂැංහයි නුවර කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. මීට අමතරව මෙරට ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන කුටි කිහිපයක්ම මෙවර ප්‍රදර්ශනයට එකතු කර තිබේ. 

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට මැලේසියාව, උස්බෙකිස්තානය, ස්ලෝවැකියාව, මොංගෝලියාව, සර්බියාව සහ කසකස්තානය යන රටවල අග්‍රාමාත්‍යවරුන්, අනෙකුත් රටවල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙවර ප්‍රදර්ශනය එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1334 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site