IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොට්ස්වානා පාලන පක්ෂයට බලය අහිමි වෙයි

බොට්ස්වානා මහ මැතිවරණයන්, පාලක පක්ෂයට බලය අහිමි විය. ඒ, දශක 6 කට පසුවය. 

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බලයේ සිටින පාලක පක්ෂය වන බොට්ස්වානා ජනාධිපති මොක්ග්වීට්සී මසීසීගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ එක් ආසනයක් පමණි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ අයුරින් පරාජයට පත් වූයේ වසර 58 කට පසුවය.

බොට්ස්වානා පාර්ලිමේන්තුවේ ආසන 61 කි. එයින් ආසන 35 ක් දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ඒ අතරින් ද මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයකු වන ඩූමා බෝකෝගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙනසක් දේශපාලන පක්ෂය දිනාගත් ආසන 20 ක් ජයග්‍රහණය කළේය. 

තනිවම රජයක් පිහිටුවීමට බහුතර බලය නොමැති බැවින්, තමන් තමන්ට හිතවත් සෙසු දේශපාලන පක්ෂ හවුල් කරගෙන නව රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව ඩූමා බෝකෝ පවසා ඇත.

බොට්ස්වානා අප්‍රිකානු මහද්වීපයේ දකුණු දෙසින් පිහිටි රාජ්‍යයකි. බොට්ස්වානා ප්‍රසිද්ධ දියමන්තිවලටය. ගැබොරෝන් යනු බොට්ස්වානා රාජ්‍යයේ අගනුවරය. 2023 ලෝක බැංකු වාර්තා අනුව, එරට ජනගහනය මිලියන 2.675 කි. නිල භාෂාව ඉංග්‍රීසිය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

බොට්ස්වානා පාලන පක්ෂයට බලය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site