
ස්පාඤ්ඤය කැලැඹූ ජල ගැලීම්වලින් මියගිය ගණන දිනෙන් දින ඉහළ යන බවත්, මියගිය ගණන 158 දක්වා ඉහළ ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
ජල ගැලීම් සමඟ හිටිහැටියේ හටගත් සැඬ පහරට හසුවීමෙන් තවත් සිය ගණනක් දෙනා අතුරුදන් බව පැවැසෙයි. මෝටර් රථ ගසාගෙන ගොස් එක පොදියට මඩ සහ පස් තට්ටු අතරේ ගොඩ ගැසී ඇති අයුරු ස්පාඤ්ඤ පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි.
වැඩිම මරණ වාර්තා වන්නේ වැලෙන්සියා පළාතේය. මෝටර් රථ එක පොදියට ගොඩ ගැසී ඇති බව දකින්න ලැබුණේ වැලෙන්සියා පළාතේ නගරවලය.
විපතට පත්වූවන්ට පිහිට වීමට සහන සේවකයන් 1,200 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත්, ඔවුන් ඩ්‍රෝන යානා තාක්ෂණය යොදා ගනිමින් විපතට පත්වූවන් සොයන බවත් පැවැසෙයි.
විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය සහාය ලබා දෙන්නැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් සහන සේවකයන්ට උපදෙස් දී ඇති අතර, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ජල ගැලීම්වලින් හානියට පත් වුණු නගර කීපයක සංචාරය කළේය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්පාඤ්ඤයේ ජල ගැලීම් 158 ක් බිලිගනී