IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාකිස්තානයේ මාලදිවයින තානාපතිවරයා ආපසු කැඳවයි

මාලදිවයින පාකිස්තානයේ සිටි ඔවුන්ගේ තානාපති මොහොමඩ් තෝහා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ, මාලදිවයින රජයට නොදන්වා, ඔහු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ සිටි ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයකු හමුවී සාකච්ඡා කිරීම සම්බන්ධයෙනි.

පාකිස්තානයේ මාලදිවයින තානාපති මොහොමඩ් තෝහා, ඉස්ලාමාබාද් අගනුවරදී ඇෆ්ගන් රජයේ විශේෂ නියෝජිත සර්දාර් අහ්මද් ෂකීබ් හමුවීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය සහ එරට මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ද ලබා දී තිබුණි. 

කෙසේ නමුත්, මාලදිවයින විදේශ කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ, මාලදිවයින තානාපතිට, ඇෆ්ගන් රජයේ විශේෂ නියෝජිත සර්දාර් අහ්මද් ෂකීබ් හමුවන්නැයි මාලදිවයින රජය අවසර කර නොතිබුණු බවත්, මොහොමඩ් තෝහා, සහ සර්දාර් අහ්මද් ෂකීබ් අතර හමුව මාලදිවයින රජයේ අනුදැනුම යටතේ සිදුවූවක් නොවන බවත්ය.

ඇෆ්ගනිස්තානය තලේබාන් ග්‍රහණයට නතු වූයේ 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය. තලේබාන්වරුන් නව රජයක් පිහිටුවූ අතර, ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය. තවමත් කිසිදු රටක් තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය සමඟ නිල වශයෙන් සම්බන්ධකම් පවත්වන්නේ නැත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයේ මාලදිවයින තානාපතිවරයා ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site