
බ්‍රික්ස් සාමාජික රටවල බ්‍රික්ස් සමුළුව ලබන 22 සහ 23 රුසියාවේ පැවැත්වෙන අතර, ඊට සහභාගී වීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවට යෑමටත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමටත් නියමිතය.
බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී පිහිටුවාගත් හවුලය. අද බ්‍රික්ස් හවුල සමඟ තවත් රටවල් කීපයක් ද එක්වී සිටී.
රුසියාවේ පැවැත්වෙනු ඇත්තේ 16 වැනි බ්‍රික්ස් සමුළුවය. මෙය මෙම වසර ඇතුළත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවැනි රුසියන් සංචාරය ද වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd