
පාකිස්තාන සංචාරයේදී ඉන්දීය විදේශ ඇමැති එස් ජයිශංකර් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.
එස් ජයිශංකර් පාකිස්තානයට ගියේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී විමේ අරමුණින්ය.
ඉන්දීය විදේශ ඇමැති සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ සුහද වචන කීපයක් කතාබහ වුවත්, ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන අවධානයක් යොමු නොවුණු බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශය පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd