IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ෆ්ලොරීඩා - විස්කොන්සින් වැසියෝ කලින් ඡන්දය දෙති

ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද කීපයක වැසියන්ට වේලාසනින් ඡන්දය ලබා දීමට අවස්ථාව හිමිවෙයි. 

මේ වනවිට ෆ්ලොරීඩා ජනපදයේත්, විස්කොන්සින් ජනපදයේත් වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වී ඇති අතර, බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් ඡන්ද පොළ වෙත යන අයුරු දකින්න ලැබෙන බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

වේලාසනින් ඡන්දය ලබා දීම ජනපදයෙන් ජනපදයට වෙනස් වෙයි. ඇමෙරිකාවේ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීම් සිදුවන්නේ ජනතාවගේ පහසුව වෙනුවෙනි.

ඇමෙරිකා ජනාපධිතිවරණය පැවැත්වෙන්නේ, සෑම වසර 4 කටම වරක්, නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසු යෙදෙන අඟහරුවාදා දිනයේය. මෙවර එම දිනය යෙදී ඇත්තේ නොවැම්බර් පස් වැනි අඟහරුවාදාටය.

ජනාධිපතිවරණ දිනය ඇමෙරිකානුවන් සෑම කෙනකුටම නිවාඩු දිනයක් නොවන බැවින්, ජනපද මටට්මින්, ජනපද වැසියන්ට, ජනපද බලධාරීන්ගේ අභිමතය පරිදි වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වෙයි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ෆ්ලොරීඩා - විස්කොන්සින් වැසියෝ කලින් ඡන්දය දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site