
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අවසන් වරට ජර්මනියේ බර්ලීන් අගනුවරට පැමිණියේය.
‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන්, ජර්මනියට ආ ඇමෙරිකන් ජනාධිපතිවරයාට ජර්මන් රජයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. බයිඩන් වෙනුවෙන් හමුදා උත්තමාචාර පැවැත්විණි.
ජර්මන් ජනාධිපති ෆ්රෑක් වෝල්ටර් ස්ටෙමිනේර් පැවැසුවේ ඇමෙරිකාවත් ජර්මනියත් අතර සබඳතා ශක්තිමත් කිරීමට බයිඩන් සමත් වූ බවය.
එලැඹෙන නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන අතර බයිඩන් ඊට ඉදිරිපත් නොවෙයි. ඒ අනුව, 81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස ජර්මනියට පැමිණි අවසන් අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ජර්මනිය බලා යන අතරතුරේ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සිය එක්ස් ගිණුමේ සටහනක් පළ කරමින් පැවැසුවේ, මම ජර්මන් සංචාරයේ දී තමන් තම යුරෝපා බටහිර මිතුරන් සමඟ එක් වී, රුසියන් යුක්රේන යුද්ධයට සාර්ථක විසඳුමක් දීමට බලාපොරොත්තු වන බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd