
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝශාභියෝගයෙන් පසුවය.
දෝශාභියෝගය ගෙන ඒම සිදුවූයේ ගචගුවාට එරෙහිව ඇති අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධයෙනි. දෝශාභියෝගයට අදාල නඩු විභාගයේ දී රිගාති ගචගුවාට ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබුණු නමුත් ඔහු හදිසියේ රෝහල්ගතව සිටි බැවින් එසේ කිරීමට අවස්ථාව නොලැබුණි.
ඒ අනුව, ඔහු ධුරයෙන් නෙරපා දැමීම සිදුවිය. ගචගුවා රෝහල්ගත කෙරුණේ ද දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd