
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසියේ රෝහල්ගත කෙරුණු බව එරට මාධ්‍යා වාර්තා කරයි.
78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ දී පැවැත්වීමට නියමිතය. බ්‍රසිලීය, බ්‍රික්ස් සමුළුවේ ප්‍රධාන සාමාජිකයෙකි.
ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට උපදෙස් දී ඇත්තේ දිගු දුර ගුවන් ගමන්වලට එක් වීමෙන් වළකින ලෙසය. ඒ අනුව, බ්‍රසීල ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වනු ඇත්තේ ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාට වයස 78යි ... මෙහෙ අය කෑ ගහනවා වයස වැඩියි කියලා... තව ටික දවසක් යනකොට තේරෙයි... වයස වැඩි අයගේ ඕනෑකම. ප්‍රශ්නය තියෙන්නේ අපේ අය පලපුරුද්ද ගන්නේ හොඳ නැති දේවල්වලට විතරක් නිසයි...
ලූලා නැති වලට කණයා පණ්ඩිතයා.