සංවර්ධන කටයුතු සඳහා පස්, කළුගල් රජයේ වනාන්තර වලින් ගන්න අවසර
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වැනි දා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජිව චාමිකර මහතා පෙන්වා දෙයි.