විද්‍යා දැරිය පැහැර ගන්න රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් දීලා
ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගැනීම සඳහා මෙම නඩුවේ හය වැනි විත්තිකරු වන දුෂාන්තන් හෙවත් පෙරියම්බි විසින් රවී නැමති අයෙකුට රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි මෙම නඩුවේ රජයේ සාක්කිකරුවකු වන උදයසූරියන් සුරේෂ්කරන් ඊයේ (29) විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.