(රංජන් කස්තුරි)
ඉන්ධන මිල ඉහළ නංවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා (10) වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් වරට තීන්දුවක් ගැනීමට නියමිතය.
ඉන්ධන මිල ඉහළ නැංවීම හා ඉහළ නැංවු මිල ගණන් ක්‍රියාත්මක කිරීම සඳහා වන කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා විසින්ද තවත් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම අමාත්‍යංශය කියයි.
කෙසේ නමුත් ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් හා ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යතු ආකාරය පැහැදිළි කරමින් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ඇතැයිද පැවසේ.
ඉන්ධන මිල සංශෝධනය සෑම මාස දෙකකට වරක්ම සිදුවිය යුතු බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන තිබෙන හෙයින් එම තීන්දුවට පටහැනිව ක්‍රියාත්මක නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ඉන්ධන මිල වැඩි කරන්න තීරණය ගත්තේ සියඹලාණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස්වෙලා වෙන්න ඇති.