වන්නි රොමේෂ් මධුෂංඛ
ස්වයං ලාබ නමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්කර විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය.
යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකාව ලියා තිබූ අතර පහළින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන්කර තිබුණි.
දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා ඇති අතර යාපනය බස් නැවතුම්පල ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්ටරය අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කර සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේදෝ රටක එළි බහින්න දුම්රිය පාරට ගිය මිනිසුන් අත්අඩංගුවට පත්වුණාම, නිදහස් සටනට සහාය දුන් වීරයින් ලෙසින් එළියට ආ බවක් මා අසා ඇත.
විජයකලා මහේෂ්වරන් යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අදූරදර්ශී සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දිගක් ඇති නමුත් පළලක් නැති දේශපාලන ඥානයේ ප්රතිඵලයකි. හේතුව නොසොයා තම තමන්ට ඇහෙන, ඔවුනොවුන් කුපිත වන සහ ඔවුනොවුන්ගේ නොහැකියා වසා ගැනීමට හා බොරුවට පිම්බීමට ලක්වූ මාතෘකාවකි. එය සමහරෙකුට මෙහි දැක්වෙන පෝස්ටර් නිර්මාණය කර අතීත ආවර්ජන තුල ජීවත්වීමට ද අවස්ථාවක් වී ඇත. ශ්‍රී ලංකාව මෝහ අන්ධකාරයේ ගිලි ඇත. පාලකයෝ එලෝ විකාරෙන් මෙලෝ අතගාති. පය බරවායට පිටිකර බෙහෙත් ගල්වති.
ඔය කාන්තාව ගැන ඕනෑවට වඩා ප්‍රසිද්ධියක් නොදී ඉන්නවා නම් තමයි හොඳ. පත්තර කරන සිංහල මහත්වරුන්ට මම මේ කියන්නේ. දැන්වත් අපි සිංහලයෝ විදියට එකතුවෙලා ගමනක් යමු.
ඇයි මේවා මීඩියාවල දාලා මාකට් කරන්නේ?
ප්‍රියන්ත මහදිවුල්වැවගේ පුංචි අම්මෙක්ද මන්දා වි'කලා...?
හරි හරි ...... ඔහොම යං ..... ඔහොම යං
මෙයාව නීතිය අනුව හිරේ දාලා, දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ.. ඡන්දෙට කෑදරකමින් රට, ජාතිය පාවා දෙන්නට මේ ආණ්ඩුවට ඉඩදෙන්නේ ඇයි?
ඊට අවශ්‍ය දේශපාලන විසඳුම ලබා දුනහොත් මෙවැනි සංදර්ශන ඇතිවෙන්න ඉඩක් නැහැ නේද? ගිය රජයත් ඒකට කල් මරුවා. මේ රජයත් කල්මරනවා.
මැයගේ ප්‍රකාශයකට පමණක් මෙපමණ කලබල වෙන්නේ ඇයි? අරන්තලා භික්ෂූන්, නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් අමුඅමුවේ ඝාතනය මෙහෙයවපු 2 වන සන්නද්ධ පුද්ගලයාට නියෝජ්‍ය ඇමැතිකමක් දුන් පාලකයාට හා එම සන්නද්ධ පුද්ගලයාට විරුද්ධව කව්ද ක්‍රියා කලේ? මම නම් දකින්නේ විජයකලාව දඩමීමා කරගෙන දූෂණ හේතුවෙන් පරාජයට පත් පාලකයෝ බලයට එන්න දරන වෑයමක් කියලයි..
කතාව බොහොම කෙටියෙන් කියනවා නම් මෙරට හදන්න හාමුදුරුවෝ හිට්ලර් කෙනෙක් ඉල්ලීමෙනුත් විජයකලා එල්ටීටීඊ ඉල්ලීමෙනුත් ගම්‍ය වන්නේ රටට ආදරය කරන ඒකාධිපතියෙකු රටට අවශ්‍ය බවයි.....
තමන්ට ප්‍රසිද්ධිය ගන්න කරන හොඳම වැඩේ තමයි දෙබරෙට ගල් ගහනවා වගේ පටු ක්‍රියාවල යෙදෙන එක .
විජයකලා වීර වරියක් කලේ උතුරේ මිනිසුන් නොව දකුණේ මිනිසුන්ය.
ඔව්...ඔව්...හරි නොවැ...මට දැන් නේ මතක් උනේ ඒ කාලේ උන්දෑගේ නම 'පරාක්‍රම සොයිසා'...ඔය කොස්ගොඩ ඇල්පිටිය පැත්තේ පදිංචි වේලා හිටියේ....කොහොමද ටිකිරි මොලේ?...
කළනි, ඒ ඉන්දියාවේ මහත්මා ගාන්ධිගේ නිදහස් සටනෙදි...
අපේ සමහර සිංහල දේශපාලකයෝ වගේම සෑම දෙමළ නායකයෙක්ම ප්‍රසිද්ධ වෙන්න බලන්නේ ජාති භේදයෙන් ඒ ජනතාව කුල්මත් කරලා. ලංකාව සාමකාමී රටක් කරන්න නම් ජාතිවාදී දේශපාලන පක්ෂ සියල්ල තහනම් කර ජාතිවාදය අවුස්සන සෑම නායකයෙක්ම සිරගත කරන්න ඕනෑ...
ඇය කතා කළේ දෙමළ භාෂාවෙනි. ඇය කතාව තුළ මා දන්නා හැටියට අන්තර්ගත වුයේ යුද්ධයෙන් පසුව උතුරේ සිදුවු ස්ත්‍රී දූෂණ දෙස බලන විට කොටි සංවිධානය හිටියානම් හොඳයි කියාය. අපිද සමහර විට සුද්දා තවත් මේ රටේ හිටියා නම් හොඳයි කියන්නේ සුද්දාට නැවතත් මේ රට බාර දෙන්නට නොවේ. විද්‍යා දැරිය දූෂණය කර මරාදමා තිබු ආකාරයත්, පසුගිය සතියේ අවුරුදු හයක දැරියක් මරා දමා තිබූ ආකාරයත් දකින විට අපිට වුවද සිතට නැගෙන්නේ කළකිරීමකි. ඒ කළකිරීම විජයකලාට ඇති නොවේයැයි කිවහැකිද?
පෝස්ටර් ඉතින් තමන්ම වියදම් කරලා ගහගන්න ඒවානේ.......... අපේ දේශපලකයොත් ඕන තරම් තමන්ටම උපහාරය කියලා ගම පුරා දිස්ත්‍රික්කය පුරා රට පුරා ඕන තරම් තමන්ගේ පිරිස් දාල ගහගන්නේ
පංගුබේරුවක් නැතුව රටවෙනුවෙන් හිතලා එකාමෙන් වැඩ කරනවානම් සිංහල අපිත් දේශපාලනයකරන ඔය හැමෝටම කමතිතියිනේ.
ජාතිවාදය ඇඟපත පුරා තවරාගෙන කාඩ්බෝඩ් වීරයෝ ඕනෑතරම් ලංකා ඉතිහාසයේ ඉඳලා තිබෙනවා. විජයකලාගේ බහිනකලාව අත ලඟයි.
උතුරේ මිනිස්සු තාමත් එල්.ටී.ටී.ඊ. ඉල්ලනවා නම්, ඒකට මාකට් එක තියනවා නම්... ඒකෙන් කියන්නේ ෆෙඩරල් ඉවර වෙන්නේ රට බෙදලා කියන එකයි.