තරිඳු ජයවර්ධන
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු හදිසියේ වෙනත් කොට්ඨාසවලට ස්ථාන මාරු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උප පොලිස් පරීක්ෂකවරයකු , පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු එලෙස මරු කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
එම පොලිස් නිලධාරීන් තිදෙනා හරි ආකාරව රාජකාරි කරන නිලධාරීන් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සනාථ කර තිබිය දී මෙම මාරුවීම් සිදු කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එම කොට්ඨාසය කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ එම නිලධාරීන් තිදෙනාගේ විනය ප්‍රශ්නයක් හෝ වෙනත් ගැටළුවක් නොමැති බවයි.
කෙසේ වෙතත් එම නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් ගැටලු රාශියක් ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. පොලිස්පතිවරයා ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හරහා කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොමිසම පොලිසියට දැනුම් දුන් බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ එම නිලධාරීන් තිදෙනා මූල්‍ය අපරාධ විමර්ශනයට සුදුසු නොවීම හා සේවයේ අවශ්‍යතා මත ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කොමිසම පොලිස්පතිවරයාගේ හිතුවක්කාරී වැඩ ගැන තදින් සිටිය යුතුයි.
පොලිස්පතිවරයාට නිදහසේ වැඩකිරීමට ඉඩදිය යුතුයි. පොලිස් කොමිසමට ඉඩදිය යුතුයි. පොලිස්පතිවරයා සමග හැම තිස්සේම පැටලීමට නොගොස් සහයෝගයෙන් කටයුතු කළොත් ඉදිරියට යා හැකියි.