(රංජිත් රාජපක්ෂ )
කඳුරට ජනතා පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයතු කළ මධ්‍යම පළාත් සභා මන්ක්‍රී රාධ ක්‍රිෂ්ණන් රාජාරාම් මහතා අද(08) සිට තාවකාලිකව එම තනතුරින් ඉවත් කළ බව එම පක්ෂයේ මහ ලේකම් ඒ ලොරන්ස් මහතා පැවසීය.
රාධා ක්‍රිෂ්ණන් රාජාරාම් මහතා පක්ෂයේ ජේෂ්ඨ නායකයින් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන වැදුණේයැයි කියන සිදුධියක් සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පැවැත්වෙන බැවින් මෙම පියවර ගත් බව ද පක්ෂ මහලේකම්වරයා කීවේය.
එම පක්ෂයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් එජාප පාර්මේන්තු මන්ත්‍රී හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යය වී.රාධා ක්‍රිෂ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද කොටගල අස්විකා ශාලාවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
රාධා ක්‍රිෂ්ණන් රාජාරාම් මහතා එම පක්ෂයේ නායක වි.රාධා ක්‍රිෂ්නන් මහතාගේ පුත්‍රයාද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නියම නයකයෙක්. නායකයා ආදර්ශවත් විය යුතු බව ඔබ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තිබේ. ලංකාවේ හැම කෙනෙක්ම මෙහෙම වුනොත් රට කොයිතරම් සුන්දර වෙයිද?
රාජ රාම් මන්ත්‍රීතුමා එහෙමම නරක කෙනෙක් නෙවෙයි. මොකක් හරි අවුලක් වෙන්න ඇති...