(ලහිරු හර්ෂණ)
අනුරාධපුර දී තියුණු ආයුධවලින් කපා කොටා පියකු කපා කොටා මැරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පුල්ලෙයාර් චමින්ද නම් පුද්ගලයා ඇතුළු හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා සහ ප්‍රධාන සැකකරු අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පැවැති බවත්, ඝාතනය වූ පුද්ලයාට එරෙහිව ද නඩු පහක් තිබුණු බවත්, ඉන් එක් නඩුවක් කාන්තාවක අපයෝජනය කිරීම සම්බන්ධ නඩුවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම විමර්ශනයේදී පොලිසිය පක්ෂපාතී භාවයක් දක්වන බවට නැගෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් මුලින් චෝදනා කළේ දියණියට හිරිහැර කිරීමට ප්‍රධාන සැකකරු උත්සාහ කරද්දී ඊට එරෙහිවීම නිසා පියා මරා දැමූ බවයි. පොලිසිය ප්‍රතික්ෂේප කරන අතර මෙය දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකයට සහභාගී වෙමිනි.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)

(මාධ්‍ය හමුවේ ඡායාරූපයකි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම සිදුවීමක්ම දේශපාලනය සඳහා ගාවා ගන්නා අපේ රටේ පුදුමාකාර මිනිස්සු මේකටත් " පොලිසිය නිදිද? ඝාතකයින්ට දේශපාලන හස්තයකින් ආරක්ෂාව" වගේ විශ්වාස කළ නොහැකි තකතිරු හඩු ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න ඉමහත් වෙහෙසක් ගන්නා බව පෙනෙනවා. දුර්දාන්ත දේශපාලන කපටින් විසින් ලංකාවේ ජන මාධ්‍ය මෙන්ම සිවිල් ජනතාවගේ මානසිකත්වය තල්ලු කර ඇත්තේ රටට හෝ තමන්ට හෝ තඹ සතේකට වැඩක් නැති ඉතාම කනගාටුදායක මුල්ලකටයි.
දෙපැත්තේම වැරදි තියෙන බව පේනවා ඇප අරන් එන්නෙත් ඕකටම තමා.