විනීතා එම් ගමගේ
ක්ෂේත්‍ර 19 කට අයත් රජයේ විධායක නිලධාරීන් මේ මස 11 වැනිදා එක් දින සංකේත වර්ජනයකට හා විරෝධතාවකයකට එළැඹෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව කියයි.
රටේ ජාතික වැටුප ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් නීති ක්ෂේත්රයට වැටුප් තල වැඩි කිරීම ඇතුළු රජයේ තීන්දු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම සංකේත වර්ජනය සිදුකරන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච් ඒ එල් උදයසිරි මහතා ලංකාදීපයට අද (08) පැවැසීය.
රාජ්‍ය සේවයේ විධායක සේවාවන් අතර සුපිරි හා විශේෂිත සේවා ඇති කිරීමට ගෙන යන අත්තනෝමතික වැඩ පිළිවෙලට විරෝධය පළ කිරීම හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි වීම ද මෙම සංකේත වර්ජනයට හේතු වන බව හෙතෙම සඳහන් කළේය. තම ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලදහොත් සාමාජික වෘත්තිය සමිති එක්ව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමට බලාපොරොත්තු වන බව ද උදයසිරි මහතා කීය.
ඉංජිනේරු, ක්‍රම සම්පාදන, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, දේශිය ආදායම්, කෘෂීකර්ම, රජයේ විද්‍යාත්මක සේවා, වාස්තු විද්‍යාඥ, ගුරු අධ්‍යාපන සේවා, අධ්‍යාපන නිලධාරින් ඇතුළු විධායක ශ්‍රේණිවල සේවාවන් 19 ක් මෙම සංකේත වර්ජනයට එක් වන බව ද ලේකම්වරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඉන්නකෝ ගොඨාබය මහත්තයා එනකන්... එතකෙට ඔය අසනීප දුරුවෙයි.
මේ ප්‍රශ්නයට හේතුව ආන්ඩුව අදිකරන සේවාවල වෑටුප් ජාතික වෑටුප් ප්‍රතිපත්තිය උල්ලන්ගනය කරමින් වෑඩි කිරිමයි, සමාන්තර සේවාවල වෑටුප් විශමතාවය.
රජය තෝරාගත් කොටස්වල බලපෑම්වලට යටත් වී මෙලෙස වැටුප් හෝ දීමනා වැඩිකිරීමෙන් මුළු රාජ්‍ය සේවයේම වැටුප් ව්‍යුහය නැවත නැවත සංසෝදනය කරන තත්වයකට පත්වෙලා. වැටුප් කොමිසම මෙවැනි ක්‍රියාවන්ට ඉඩ නොදිය යුතුයි.
මේ ගොල්ලන්ගේ වැටුප් විෂමතාව ඉවත්කරන්න තව බදු ගහමු අපි බදු ගෙවන්නම්.
මේ රටේ රාජ්‍ය සේවය කියන එක ඇතුලේ තව තව සේවාවන් හදාගෙන එක එකා කුලල් කා ගන්නවා. එක් කෝටසකට ඕන ඒ අයගේ සේවය මේ රටේ තියන සුපිරි සේවයක් කරන්න. ඒත් අනිත් සේවාවලට බඳවා ගැනීමේදීත් මේ දඟලන සේවයේ අයගේ සුදුසුකම් හා ඊටත් ඉහළ සුදුසුකම් බලනවා. ඉතින් මොන හීනමානයක් හින්දා තමන්ගේ සේවය ඉහළ දා ගන්න හදනවද කියලා අපිට නම් තේරෙන්නේ නෑ. අනික මේ රජ්‍ය සේවයේ සේවා භේදය නිසා හුඟක් වැඩවලට අනවශ්‍ය ප්‍රශ්න එනවා. හැම වැඩටම මොන සේවයටද අදාල කියන එක් මුල් කරගෙන පහර දෙනවා. මේක ඉතාම අසික්කිත වැඩක්. ඒ නිසා රාජ්‍ය සේවය රාජ්‍ය සේවය විදිහට එක ශීර්ෂයක් යටතේ පවත්වාගෙන යන එක තමයි හොඳ... මේ මේවා ඔක්කොම එකක් යටතට ගත්තාම මේ හුඟක් ප්‍රශ්න ඉබේම විසඳෙනවා...
ළමයිනේ, හම්බන්තොට වරාය, මත්තල, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි, පෝට් සිටිය, බදු බර, දේශපාලකයන්ගේ සුඛ විහරණය, මන්ත්‍රීවරු වැඩිකර ගැනීම, බැංකු මංකොල්ලය , එට්කා ගිවිසුම, මන්ත්‍රීවරු ජාතික ධනය ගසා කෑම, ඡන්ද තෑගී, අල්ලස් දීම හා ගැනීම, රටට අහිතකර කැබිනට් තීරණ සහ තවත් බොහොමයක් වන ජාතික ප්‍රශ්න වලට නේද? ඔබලා වැනි දේශීය බුද්ධිමත් පිරිස විරුද්ධව නැගී සිටින්න අවශ්‍ය. රට සෑදිය යුත්තේ ඔබලාය. දියුණු කල යුත්තේ ඔබලාය. පාලකයෝ කරන දහසක් වැරදි නිවැරදි කරන්නට උද්ඝෝෂණය කරන්න එය කළ හැක්කේ ඔබලාටය. එවිට ඔබේ වැටුපද අනෙක් අයගේ වැටුපද සාධාරණව ලැබෙනු ඇත.