(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබූ වහාම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ කතානායකවරයා නීතිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන දිනය කවදා දැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවද කීය.
කතානායකවරයා මේසේද කීය.
‘‘වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළ උතුරේ ආරක්ෂක තත්ත්වය ගැන මට ප්‍රකාශයක් කරන්න බෑ. මම විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය පිළිබඳව අවශ්‍ය උපදෙස් විමසා තිබෙනවා. නීතිපතිවරයා ඒ ගැන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ වාර්තාව අද ලැබේද ලබන සතියේ ලැබේවිදැයි කිව නොහැකි‘‘ යැයි ද කතානායකවරයා කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සු කෑ ගැහුවේ නැත්නම්, විජයකලාට උසස් වීමක් අනිවාර්යයි.
සිවාජිලිංගම් ඔයිට සමාන දේවල් නිතර නිතර කියනවා. දවසක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා දෙයක් තියෙන බව තේරෙන්න පාඩමක් උගන්නන්න වෙනවා.
මැය කියූ ප්‍රකාශය කුමක් වුවත්, ඇය කියා ඇති පරිදි අද යාපනයේ තත්වය, හරිම දුක්ඛදායක බව නම් ඇත්තය. රජයට කියමි" බලන් කඩතුර හැර දෑසේ "
ඔය පතිගෙන් අහලා වැඩක් නැහැ. එයාගේ තීරණ අපි දැක්කා පහුගිය කාලේ...
වැඩක් නැහැ මොකවත් කරන්නේ නැහැ තවත් අමතක වීමක් වෙයි
අපි සැමට ඉහළින් නීතිය. විජයකලාත් නීතියට යටත්. අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.
සිංහල ජාතියේ පක්ෂ, දෙමළ ජාතියේ පක්ෂ, මුස්ලිම් ජාතියේ පක්ෂ, උඩරට දෙමළ ජනතාවගේ පක්ෂ ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළ පවතී. තවත් පැත්තකින් බෞද්ධ සේනා, හින්දු සේනා, මුස්ලිම් සේනා, වගේම කතෝලික සේනාද පවතී. මේ හැම පක්ෂයක්ම, හැම සේනාවක් තුළම යැපෙන්නෝ අරක් ගෙන සිටිති. අද රටේ ඇති මූලික ප්‍රශ්නයට හේතුවී ඇත්තේ මේ යැපෙන්නන්ගේ බඩගෝස්තරයට ඇති තරගකාරීත්වයයි. ශ්‍රී ලංකාව රටක් නම්, ජීවත් වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් නම්, සියල්ලෝම මිනිස් වර්ගයේ නම් තිබිය යුත්තේ කාටත් පොදු ප්‍රශ්නයක් පමණි. රාජ්‍ය පාලකයන් සහ ජනතාව අද කැපවෙන්නේ ඒ වෙනුවෙන්ද? මේ තත්වය තේරුම් ගත් කිසිවෙක් රටේ සිටින්නේද?
අනේ! බාලගිරි ඔයාට පුළුවන්ද මට උදව් කරන්න?