(සම්පත් ප්‍රියනන්දන )
බලන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ ජිවත් වන ගොවින්ගේ වී අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියති .
පසුගිය කන්න දෙක තුනකම වී අස්වනු අලෙවි කර ගත නොහැකිවිම හේතුවෙන් ඒවා නිවෙස්වල දිරාපත්වි යන බවත් අස්වනු ගවයින්ට හා වෙනත් සතුන්ට ආහාර සඳහා ලබා දීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.
වී ගොවිතැන ජිවිකාව කරගක් ගොවි පවුල් 3000ක් පමණ මෙම ගැටලුව හේතුවෙන් අසරණ වි සිටින බව ගැටලුවට මුහුණපා සිටින ගොවීහු කියති .
එච්.ඒ .ධර්මසේන ඩි - 2 ගොවි සංවිධානයේ උප සභාපති
‘මේ කල්තොට සහ මැදබැද්ද ගොවි ව්‍යාපාරයේ ගොවි පවුල් තුන්දාහක් විතර ජිවත් වෙනවා .ඒ අයගේ ජිවිකාව වි ගොවි තැනයි . මේ ප්‍රදේශයේ වි අලෙවි මණ්ඩලයක් හදලා තිබෙනවා. එහෙත් දැනට වසර ගණනාවක සිට වි මිලදී ගැනීම නතර කරලයි තිබෙන්නේ. වී අලෙවි මණ්ඩලයේ ගොඩනැගිල්ල දිරාපත්වෙලා තිබෙනවා . අපි බැංකුවලින් ව්‍යාපාර ණය අරන් අපිට අවශ්‍ය කරන කෘෂි ද්‍රව්‍ය මිලදි ගෙන තමයි කුඹුරු වැඩ කරන්නේ .
ඒහෙත් වී ටික අළෙවි කර ගන්න බැරි නිසා ඒ ණය ගෙවන්නත් බැරිවෙලා ඉන්නෙ .අපේ මේ වී ටික මිලදි ගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියලත් වී ටික උපරිම මිලකට මිලදී ගන්න වැඩ පිළිවෙළක් සකස් කර දෙන්න කියලත් ජනාධිපතිතුමාගේන් ඉල්ලා සිටිනවා .‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හාල් කිලෝ එක රුපියල් සීයට වඩා ඉහළ ගිහින් තිබෙන මොහොතක වී විකුණාගන්න බැරිව ලතවෙන ගොවියෝ ඉන්න රටක් වෙලා මේක....
"ගොවියා දෙවියෙකුය පොළොවෙහි වැඩ සිටිනා" "බත සපයන්න ඔහු දිව රෑ වෙහෙසෙමිනා" "කරනා මෙහෙය ගැන සිහි නුවණින් දකිනා" "ජනපති, අගමැතිඳු මේ දෙස බලනු මැනා "
මේකෙන් පෙන්නේ මේ රටේ පාලකයින් හරකුන් බව නේද?
ඔය දිරලා යන වී ටික එකතු කරලා මාසෙකට කෝටි 25 ක් ගෙවන ඉස්සරහ ගොඩ ගහලා රටටම පෙන්නන කෙනෙක් නැද්ද.?
මොන මනස්ගාතද මේ? එහෙනම් මේ පොළොන්නරුව, අනුරාධපුර මිනිස්සු වහකන්න එපැයි. ඔය වගේ ගන්න ඕනේ තරම් වෙළෙන්ඳන් එන්නේ...
තණකොළ කාල පැජෙරෝ මොන්ටෙරෝ වලින් යන යමපාලනයේ හරක් ට බත් වල අගය නොවැටහේ.
බලධරයනි ,කරුණාකර මෙම අසරණ ගොවීන් ගේ වී මිලදීගෙන ඕස්ට්‍රේලියා අමෙරිකා යුරෝපයට අපනයනය කරන්න. මෙම රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන් තමරටේ නිෂ්පාදන මිලදීගැනීමට කැමතියි.
මහා පොලොව නුහුලන මෙවන් අපරාද වෙද්දී ගම්බාර දෙවියන් පුද පුජා ලබන්නේ ඇයි ?
වි වුකුණන්නත් බැරැි, හාල් මිලට ගන්නත් බැරි රටක්. මෙික පරිපාලනය කරන බුරැවනනේ දැන්වත් තොපේ නොහකියාව හා ජනතාවගේ අවශ්‍යතාවය තේරැමිගනිල්ලා