ඇත්කදුරේ ජනත් ද සිල්වා
අධ්‍යාපන ඉතිහාසයේ වාර්ථාවක් තබමින් එකම පාසලක වසර 27ක් ගුරු සේවයේ යෙදී සිටි ගුරු මාතාවකට ඇයට ප්‍රථම ස්ථාන මාරුව ලැබී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.
වසර 27ක් එකම පාසලේ සේවය කරමින් ගමේ දූ දරුවන්ගේ මව්පියන් සමඟ එකට කටයුතු කරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් තමන් වැඩ කල බවත් විශ්‍රාම ගැනීමට වසර කිහිපයක් තිබිය දී තමන්ට මෙම පාසලෙන් ඉවත් වීමට සිදුවීම දරා ගත නොහැකි වේදනාවක් බව පවසමින් වැඩ ආවරණය කරන විදුහල්පතිනිය මව්පිය රැස්වීමකදී සංවේදීව කථා කරමින් කදුලු සැලු අවස්ථාවේදී ඇතැම් මව් පියන්ගේ දෙනෙත් වලින්ද කදුලු වැටෙන්නට වු බව පාසල් සංවර්ධන සමිතියේ ප්‍රකාශකයෙක් පැවසීය.
වසර 27කට පසු එම ස්ථාන මාරුව ලැබී ඇත්තේ දකුණූ පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර අධ්‍යාපන කොට්ඨාශයේ ඇත්කදුර සීවලී මහා විද්‍යායේ වැඩ ආවරණය කල විදුහල්පති තනතුර දැරූ ඉලන්දාරි දේව රේනුකා ප්‍රියදර්ශනී මහත්මියට බව ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක මනෝජ් පද්මලාල් මහතා අප කල විමසීමකදී පැවසීය.
ඇත්කදුර සීවලී මහා විද්‍යාලයට මෙම ගුරු මාතාව 1991 මැයි 05 වන දින ස්වේච්චා ක්‍රිඩා ගුරුවරියක් ලෙස පාසල් අධ්‍යාපන කටයුතු වලට එක් වී 2009 වසරේ දි හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ වන තෙක් ම එම විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පති ධුරයේ තමන් කටයුතු කල බවත් තමන්ට ලැබුණ මෙම ස්ථාන මාරුව නිහතමානිව භාරගෙන වෙනත් පාසලක ගොස් සේවය කිරීමට තමා කටයුතු කරන බව අයි. ඩී. රේනුකා ප්‍රියදර්ශනී මහත්මිය අපකල විමසීමකදී පැවසීය.
ලංකා ගුරු සංගමය පවසන්නේ දකුණේ ගුරු මාරු ප්‍රතිප්තිතය බරපතල ලෙස උල්ලංඝනය කරමින් ආයතනික සංග්‍රහය අනුව උපරිම වසර 08කට පසුව ගුරු සේවයේ යෙදෙන සියලු දෙනාටම හිමි විය යුතු ස්ථාන මාරුව මෙම ගුරු මාතාවට නොලැබීම තුලින් පෙන්වා දෙන්නේ දකුණේ ගුරු මාරු ප්‍රතිපත්තිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුරුවරිය මෙතෙක්කල් කිසිම මාරුවක් නොලබා මෙච්චර කාලයක් එකම පාසලක සේවය කලේ කාගේ ආනුභාවයක් නිසාදැයි සොයා බැලීම සුදුසුය. මෙය වෙනත් කිසිම රජයේ සේවකයෙකුට නොලැබුණු වරප්‍රසාදයක් යයි සිතේ. ඇත්ත වශයෙන්ම ආශ්චර්යයකි. ඇගෙන් ඉටුවුණු සේවයේ තරමත් මේ එකම තැන පල්වීමෙන් අපට සිතා ගත හැකිය !
මෙය වාර්තාවක් වන්නේ කෙසේද? (මාරුවීමට උත්සාහ කරත් නොලැබී) වසර 34කට වඩා එකම පාසලේ සේවය කළ ගුරු භවතුන්ද ගුරු සේවයේ සිට ඇති කොට...
ඕක මොකක්ද? බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ ඔයිට වඩා සිටි ගුරුවරු ඕනෑ තරම් හිටියා. දැනුත් ඉන්නවා. ඒකතමයි යහපාලන රජයක අධ්‍යාපන අමාත්‍යංශයේ යහපාලනය...
ගුරු මාරු ප්‍රතිපත්ති ලංකාවේ කිසිම තැනක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ පවුලේ ඉන්න ගුරුවරු හැමෝම අවුරුදු 20ට වඩා කාලයක් වැඩ කරන්නේ එකම පාසලේ....
විශ්‍රාම යන විටදී තම ගම පළාතට මාරුවක් ලැබෙන්න ඕන
පෙළපාලි යන කට්ටිය නැද්ද?
ගුරු සේවයේ පමණක් නොව රාජ්‍ය සේවයේ එකදිගට සේවය කළ නිලධාරීන් ගැන හොයලා බලමුද?
ගාල්ල කලාපය තුල වසර 28ක කෙනෙක් ඉන්නවා, චෝදනා එමටයි, බලධාරීන් ඔහු රකිනවා... එකම තැන, ස්ථාන මාරු කරල තාවකාලිකව එතනට දාලා, කලාප බලධාරීන්ට කඩේ යාම සුදුසුකම, දේශපාලන පලිගැනීම් වලින් විදුහල්පති 1 ශ්‍රේණියට යාමට සුදුසුකම එකම තැන සේවය කිරීමයි.
විශ්වාස කරන එකෙක් නැහැ වසර 50 එකම පාසලේ සේවය කර විශ්‍රාම ගොස් තාමත් ජීවතුන් අතර සිටින මගේ ගුරුවරියක් ඉන්නවා. ලෝක වාර්තාවක්ද දන්නේ නැහැ. වසර 60 ටා පසුවත් පාසල් සංවර්දන අරමුදලෙන් පඩි ලබා දුන්නේ. ඒ වටිනාකම සහ එයාගේ දැනුම දන්නා නිසා.
කොච්චර හොඳ වුනත් වැඩේ වැරදියි