විදේශිය මත්ද්‍රව්‍ය ගෙන ආ දෙදෙනකුට දඩ තීරු බදු නොගෙවා විදේශිය නිෂ්පාදිත මත් පැන් බෝතල් 16 ක් සහ දුම්වැටි 1000 ක් මෙරටට රැගෙන ආ දෙදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 30000 බැගින් දඩ නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. 28 November 2017
හමුදාවේ 1121ක් අත්අඩංගුවට නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයින් 28000 ක් අත්අඩංගුවට ගැනීම සදහා ඉකුත් 24 වැනි දා සිට කළ මෙහෙයුම්වලින් හමුදා සාමාජිකයන් 1121 දෙනකු අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි. 28 November 2017
භූමිතෙල් මිශ්‍ර කළ පෙට්‍රල් ඉවතට නාඋල සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ ප්‍රශ්නගත පෙට්‍රල් තොගය ඉවත් කිරීමට තෙල් සංස්ථාව අද (28) පියවර ගත්තේය. 28 November 2017
බොල්ගොඩ ගඟට වැටී දෙදෙනෙක් මරුට බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු බොල්ගොඩ ගඟේ දැල්ගඩ ප්‍රදේශයේදී විනෝදයට ඔරු පදමින් සිටියදී ගඟට වැටී මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. 28 November 2017
බැසිල්ගේ සෙවිලි තහඩු නඩුව 12 වැනිදාට කල් යයි සෙවිලි තහඩු බේදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමෙන්තු මුදලින් රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (28) නියම කළේය. 28 November 2017
ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්රීලනීපයට දැනුම් දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. 28 November 2017
පොහොට්ටුවෙන් තවත් ආයතන පහකට ඇප තියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන පහකට අද (28) ඇප මුදල් තැන්පත් කළේය. 28 November 2017
තර්ස්ටන් විදුහල්පතිට ඇප ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියදී 2012 වර්ෂයේ පළමු ශ්‍රේණීයට සුදුසුකම් සැපිරූ දරුවකු එම විද්‍යාලයට ඇතුළත් කර නොගෙන අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද කළැයි අල්ලස් චෝදනා ලැබූ තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය. 28 November 2017
අලුත්ගම වෙඩි තැබීමක් අලුත්ගම විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනකු එම උත්සහය අසාර්ථක වීම නිසා වෙඩි තබා පළාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 28 November 2017
‘නාම යෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතුයි’ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නාම යෝජනා පත්‍ර බාරදීමේ දී නාම යෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 28 November 2017
කොළඹ ජාතික රෝහලට වැඩබලන අධ්යක්ෂවරයෙක් කොළඹ ජාතික රෝහලේ නව වැඩබලන අධ්යක්ෂවරයා ලෙස බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 November 2017
සුඛෝපභෝගී වාහන බදු සහනය නොවැම්බර් 30 අවසන් සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා හිඟ සුඛෝපභෝගී බදු ගෙවීමේ සහන කාලය නොවැම්බර් 30වැනිදා අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 28 November 2017
තරුණියගේ හිසට සිවිලිමක් කඩා වැටේ දකුණු පළාත් වනිතා හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ ප්‍රදර්ශනයක් අතරතුර අද (28) ගාල්ල නගර ශාලාවේ සිවිලිමේ කොටසක් කාන්තාවකගේ හිසට හා ප්‍රදර්ශන භාණ්ඩ මතට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි. 28 November 2017
සාරි පොටේ සිද්ධිය නීතිපතී අතට මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ විවාහ උත්සවයක් අතරතුර දිගම සාරි පොට තේරීමේ ගිනස් වාර්ථාව සදහා පාසල් සිසුන් 250ක් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. 28 November 2017
‘ගෝඨා අත්අඩංගුවට ගතහොත් සංඝ රත්නය එරෙහි වෙනවා‘ ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් සමස්ත මහා සංඝ රත්නය, සමස්ත දේශ හිතෛෂි පිරිස් එකතුව ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(28) පැවසූහ. 28 November 2017
මැතිවරණය කල් දැම්මොත් ජවිපෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පළාත් පාලන සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම 30වැනිදා වන විට ඉවත් කර ගැනීමට අදාල පාර්ශ්වයන් කටයුතු නොකළහොත් මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් ඉදිරි සතියේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (28) පැවසීය. 28 November 2017
ආබාධිත රණවිරුවෝ ගාලු මුවදොර මග අහුරති යෝජිත විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය සම්පුර්ණයෙන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත. 28 November 2017
ගෝඨාගේ ඉල්ලීමේ තීන්දුව හෙට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට(29) ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය. 28 November 2017
වව්නියාවේදී බස් රියකට ගල් ප්‍රහාරයක් වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ ගමන් ගත් බස් රථයකට එල්ල කෙරුණු ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් නාවික හමුදා සෙබළකු සුළු තුවාල ලබා ඇතැයි කනගරයාන්කුලම් පොලීසිය පවසයි. 28 November 2017
සැකකරු පළා ගියැයි පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් පොලිස් සිර මැදිරියෙන් සැකකරුවකු පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (28) සිට අරණායක පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ. 28 November 2017
ශනිල් නෙත්තිකුමාර්ගේ පෙත්සම ඉවතට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විකුණු බව කියන මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරියට හා ඇගේ පවුලේ ඥාතීන්ට මරණ තර්ජන එල්ල කළැයි 28 November 2017
වවුනියා - යාපන ලංගම බස් වැඩවර්ජනයක් කරුණු කිහිපයක් මුලකරගනිමින් සහ විරෝධය දක්වමින් වවුනියාව හා යාපනය ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයෝ අද (28) බස් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතවූහ. 28 November 2017
උ‘මැද පාසල් හතරක ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැන පරීක්ෂණයක් උතුරු මැද පළාතේ පාසල් හතරක ඉදිරිකිරීම් කොන්ත්‍රාත් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් නොපමාව ලබාදෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී බංඩාර මහතාට නියෝග කර තිබේ. 28 November 2017
ජනපති විවේචනය කරනු එපා - අගමැතිගෙන් එජාප මන්ත්‍රීන්ට අවවාදයක් ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඊයේ (27) අවවාද කළේය. 28 November 2017
මවට අතවර කරන්න බැරිවුණාම බිලිඳා වතුර බාල්දියට දමා මරලා කතරගම, මැණික්පුරගම ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6.50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවකට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන 28 November 2017
ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ ශ්‍රී ලංකා රුපියල් විසි තුන් ලක්ෂ විසි දහසක් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු (46) අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි. 28 November 2017
අනුන් සිරගතකිරීමේ රෝගයකින් නායකයන් පෙළෙනවා - ආචාර්ය වල්පොල පියනන්ද හිමි අන් අය තලා පෙලා සිරගත කොට බොහෝම ඉහලින් සතුටු වීමේ භහානක රෝගයකින් රටේ පාලකයන් පෙලෙන බවත් එයට අනුබල දෙන්නේ එන්ජියෝ සංවිධාන බවත් නිවැරිදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන් වන බවත් ඇමරිකාවේ සංඝනායක ලොස් ඇංජලීස් නුවර ධර්ම විජය විහාරයේ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ පැවසීය. 27 November 2017
මුහුදු මගින් රට පනින්න හැදූ පිරිසක් රිමාන්ඩ් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව සහ කැනඩාවට යාමට සැඟවී සිටියදි පුත්තලම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසුරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දෙසැම්බර් 6 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස අද(27) නියෝග කෙරිණි. 27 November 2017
ඡන්ද ගැසට්ටුව රකින්න නීතිපතිගෙන් මෝසමක් පළාත් පළාන ආයතන වල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් අද (27) ඉල්ලීමක් කළේය. 27 November 2017
පොලිස්පති ගැන පොලිස් ලොක්කන් මතුකළ කාරණා සලකා බලයි පොලිස්පතිවරයායේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉදිරිපත් කළ කාරණා පොලිස් කොමිෂන් සභාව ඊළඟට රැස්වන දිනයේ සාකච්ඡා කරීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය. 27 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026